මිලියන 226ක වියදමින් නව ඇවිදින මංතීරු 4ක්
රුපියල් මිලියන 226ක වියදමින් නව ඇවිදින මංතීරු 4ක් සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් තිරණය කර තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 55ක වියදමින් පේදුරුතුඩුව, රුපියල් මිලියන 65ක වියදමින් යාපනය වේල්ලාවේලි, රුපියල් මිලියන 60ක වියදමින් බණ්ඩාරවෙල, රුපියල් මිලයන 46ක වියදමින් ගම්පහ බෞද්ධාලෝක මාවතේ මෙම ඇවිදින මංතිරු ඉදිකිරීමට නියමිතය.
මෙම වියදම් සඳහා බදු උපදේශක ගාස්තු හා අනෙකුත් වියදම් ඇතුළත්ව නොමැති බව වාර්තා වෙයි. ගම්පහ බෞද්ධාලෝක මාවත දකුනු පස මංතීරුව පමණක් රුපියල් මිලියන 20ක වියදමින් සංවර්ධනය කිරීමට නියමිත අතර එම සංවර්ධන ව්‍යාපෘතිය භූ දර්ශන ව්‍යාපෘතියක් ලෙස මාර්ග දෙපස හා වටරවුම්ද ඇතුළත්ව සංවර්ධනය කිරීමට පසුව යෝජනා වී ඇති හෙයින් ඇස්තමේන්තු වියදම රුපියල් මිලියන 46ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

popular news
-
Dayan Monday, 01 November 2021 05:27 AM
Government is spending public funds facilitating their henchmen to make money. There are thousands of urgent needs for ordinary people. Opposition is sleeping. Both should be chased out.
Reply : 1 3
Deepal Nirosh Monday, 01 November 2021 06:39 AM
එහෙන් රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයි, ගොවීනට වගාවට පොහොර නැහැ. මන්ත්‍රීවරු ක්ෂේත්‍ර පරීක්ෂාවට යද්දි පාලම කඩාගෙන වැටෙනව. එහෙව් රටේ කවුරු ඉල්ලල ද මේ කෝටි ගානක වියදමින් ඇවිදින මංතීරු ඉදිකරන්නෙ? අඩුගානෙ උද්දමනය ටිකක් අඩුවෙනකම් හරි ඉවසන්න බැරි කාට ද? මේවා කාගෙ හෝ පෞද්ගලික ධන ආයෝජනයකින් ඉදිවෙනව නම් කමක් නැහැ.
Reply : 1 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

