මිලියන 20ක රන් බ්ස්කට් සමඟ විදේශිය කතක් රේගුවේදි අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැලඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික කාන්තාවක් අද ( 13) දින අලුයම කටුනායක ගුවන්තොටුපල පිටත පැමිණීමේ පර්යන්තය දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඇය හතලිස් එක් හැවිරිදි යුක්රේන ජාතික කාන්තාවකි .
ඇය මිට පෙර දෙවතාවක් ද මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ගොස් ඇති කාන්තාවක් බව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .
ඇය අද දින අලුයම 4.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට පැමිණි ශ්‍රී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ගුවන්තොටුපල සියලු පරීක්ෂණ නිමාවට පත් කර , ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදි ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ .
ඇය පැළඳ සිටි පාවහන් දෙක තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 320 ක් බර , ග්‍රෑම් 116 ක් බැගින් බරකින් යුතු වූ රන් බිස්කට් 10 බැගින් , රන් බිස්කට් 20 ක් සඟවා ගෙන තිබුණි .
මෙම රන් බිස්කට් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යුක්රේන ජාතික කාන්තාව ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල රේගු නිලධාරීන්ට භාර දි තිබේ .

popular news
-
Champa Wednesday, 13 November 2019 06:58 PM
එල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

