මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ඉදිකිරිම් සඳහා මුල්ගල් තැබේ
මෙරට ඉතිහාසයේ කෙරෙන දැවැන්තම ආයෝජනය වන හම්බන්තොට, මිරිජ්ජවිල තෙල් පිරිපහදු සංකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු අද (24) ආරම්භ කෙරිණි.
අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මුල් ගල් තැබිම සිදු විය.
ඒ හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අද පැවති උත්සවයේදී යි.
පසුගිය දින කිහිපයේ තරමක් ආන්දෝලනාත්මක පුවත් මතුකළ තෙල් පිරිපහදු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා ඕමාන රජයේ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ඇතුළු දූත පිරිසක්ද ඊයේ (23) දිවයිනට පැමිණියහ.
ඇමරිකානු ඩොලර් මිලියන 3,850ක් ආයෝජනය කරමින් අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන නව තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු මාස 44ක් තුළ නිම කිරීමට නියමිතව ඇති අතර අක්කර 64ක භූමියක ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු මාස 18ක් තුළ නිමකිරීමට නියමිතව තිබේ.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
