මිය ගිය ධිවර පවුල් වලට රක්ෂණ වන්දි
ධීවර රැකියාවේ නිරතව සිටියදී මියගිය ධීවරයින් සදහා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත රක්ෂණ වන්දි ප්රදානය අද ( 11 ) දින සිදුකෙරිණ .
කෘෂිකර්ම , වාරිමාර්ග , පශුසම්පත් සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රක්ෂණ වන්දි ප්රදානය අද සිදු කෙරුනේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී ය .
ඊට අමතරව එලෙස හදිසි අනතුරු වලින් සහ ස්වභාවිකව මියගිය රක්ෂණය හිමි ධීවර පවුල් වල අධ්‍යාපනය හදාරණ සිසු දරුවන් සදහා අධ්‍යාපන ආධාර ප්‍රදානයද අමාත්යවරුනේ දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ .
මෙහිදී ප්රදානය කළ රක්ෂණ වන්දි වල වටිනාකම රුපියල් ලක්ෂ 27 කට අධිකය .
එම වන්දි මුදල ධීවර පවුල් 08 ක් වෙත ප්රදානය කළේය .
හදිසි අනතුරකින් මියගිය ධිවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 12 ක මුදලක් සහ ස්වභාවිකව මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක් වන්දි ලෙස පිරිනැමිණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

