යාපනයේ කයිට්ස් මණ්ඩතිව් මංසන්ධියේ තිබි මියගිය පොලිස් නිලධාරියෙකුගේ මළ සිරුරක් ඊයේ (30) දින සවස යාපනය කයිට්ස් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මළ සිරුර කයිට්ස් රෝහලට භාර දීමෙන් අනතුරුව පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවි ඇත්තේ එම පොලිස් නිලධාරියා මිය ගොස් ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවටයි.
42069 එස්.ගාමිණි නැමති 47 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කයිට්ස් මණ්ඩතිව් මංසන්ධිය අසළ ස්ථානයක රාජකාරියේ යොදවා සිටියදි හදිසියේ හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.
මළ සිරුර අදාළ මරණ පරික්ෂණ කටයුතු වලින් පසුව ඥාතීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන යාපනය කයිට්ස් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
