මොරගහකන්ද ජලාශය ජලයෙන් පිරියෑමත් සමග ජලාශය නැරඹිමට පැමිණෙන පිරිස් විසින් පරිසරයට කැලි කසල බැහැර කිරිම් වැඩිවි ඇතැයි ප්රදේශවාසිහු පවසති.
නාඋල සිට ඇලහැර මාර්ගය ඔස්සේ ජලාශයට ගමන් ගන්නා මාර්ගයේ කෝන්ගහවෙල ප්‍රදේශය හරහා ඇති අලුත් පිවිසුම් මාර්ගය දෙපස මේ දිනවල කැළි කසල වැඩි වශයෙන් දැක ගත හැකි බව ඔවුහු කියති.
සංචාරකයින් බස් රථවලින් පැමිණෙද්දි කැලි කසල මාර්ගයට විසිකර යාම,මත්පැන් පානය කර හිස් බෝතල් මාර්ගය ආසන්නයේ දමා යෑම මෙන්ම නොදිරන ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය ජලාශ රක්ෂිතයට බැහැර කිරිම ආදි විවිධ අපචාර ක්‍රියා රැසක් මේ දිනවල මොරගහකන්ද ආශ්‍රීතව සිදුවන බව අවට පදිංචිකරුවෝ පෙන්වා දෙති.
ස්වභාවික පරිසර පද්ධති වලට කැලි කසල බැහැර කිරිම හේතුවෙන් විවිධ පුද්ගලයින් සිදුකරනු ලබන්නේ බරපතල වරදක් බව පරිසර හිතකාමි පිරිස් වල අදහස වි තිබේ.
කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ පවතින කැලිකසල සම්බන්ධයෙන් පසුගිය නාඋල ප්‍රාදේශිය සභා රැස්විමේදීද අවධානය යොමු වු අතර, සභාපති සනත් දසනායක මහතා එහිදි කියා සිටියේ මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ පවතින කැලි කසල ඉවත් කිරිම සදහා අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘතියෙන් ලබාදෙන්නේ නම් එය පහසුවෙන් සිදුකල හැකි කටයුත්තක් බවයි.
මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් මෙන්ම කසල තාවකාලිකව ගබඩා කිරිමේ ස්ථාන ආදිය සභාවට නොමැති බවත් ඒ සදහා අවස්ථාව ව්‍යාපෘතිය මගින් ලබාදෙන්නෙ නම් කැලි කසල ඉවත් කිරිමේ කටයුතු තම සභාවට සිදුකල හැකි බව හෙතෙම අවධාරණය කළේය.
කෙසේ වෙතත් පරිසර හිතකාමි පිරිස් දැඩිව කියාසිටියේ කාගේ වරදින් හෝ මේ වන විට මොරගහකන්ද ජලාශය අවට ප්‍රදේශය කැලි කසල වලින් ගහන වෙමින් පවතින බවයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර

