කණ්ඩලම වැවේ දිය නෑමට ගිය තරුණයකු ඊයේ (28දා) දියේ ගිලී මිය යෑමෙන් පසු ඔහු සමග වැවේ දිය නෑමට ගිය තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් වැවේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, අත්අඩංගුවට ගත් තරුණයන් විසින් බීමතින් සිටි සිය මිතුරා වැවට දමා ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මහරබ, ගොඩේවත්ත, උණවටුන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ වේරගොඩ කපුගේ ඉසුරු රන්දික නමැති 21 හැවිරිදි තරුණයෙකි.
මෙම සිද්ධිය වාර්තා නොකරන්නැයි පවසමින් මෙම තරුණයන් මාධ්‍යවේදීන්ට ඔවුහු පහර දෙන්නටද පටන්ගෙන තිබේ. එමෙන්ම මෙම තරුණයන් පිරිස රෝහලේ සේවකයන් සමගද ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ කර ඇති අතර, පොලීසිය මැදිහත්වී එය විසඳා තිබේ.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන සේවකයන් දාහත්දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දිය නෑමට තහනම් බවට අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට යෑමෙන් මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලීසිය පවසයි.
එස්. කරුණාරත්න
