දුම්මලසුරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්රදේශයේදි අද ( 14) දින නිවසින් නිවසට ගොස් ඡන්ද අත්පත්රිකා බෙදමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු සන්තකයේ තිබි ඡන්ද අත්පත්රිකා 155ක් , ලියුම් කවර 30ක් සහ සැකකරු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු වයස අවු. 27ක්වු කටුහේනවත්ත , පහළ වීරකොඩියාන ප්රදේශයේ පදිංචි සසිදු තිලකරත්න යන අය වේ.
මොහු මාදම්පේ පොලිස් වසමේ පාසලක මුරකරුවෙකු ලෙසට සේවය කරන බවට අනාවරණය වි ඇත.
දුම්මලසුරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
