මැතිවරණ නීතිය කඩන්න එපා - බැසිල්
මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමෙන් තොරව විනීතව නීතිගරුකව මැතිවරණය ප්රචාරණ කටයුතු සිදු කරන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සියලු දිස්ත්රික් මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු නියෝජිතයින් ,සහෝදර පක්ෂ සහ විවිධ සංවිධාන නියෝජිතයින් සහභාගී වූ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලූම සාමාජිකයින් මැතිවරණ නීතිය ආරක්ෂා කළ යුතු අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට කිසිදු පක්ෂයකට සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඉඩ නොතබන්නැයි ද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

popular news
-
Champa Wednesday, 25 September 2019 04:18 PM
ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට. මැතිවරණ නීතිත් කඩලා තරුණ කාන්තාවකගේ කොන්දත් කැඩුව මහරගම පොහොට්ටුව. අනිත් පැත්තේ කවුරු හරි කළා නම් එහෙම දෙයක් බලන්න තිබ්බ ඝෝෂාව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

