2019 හා 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට කටයුතු සකස් කරමින් පවතී.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකිරීමට හැකිවන පරිදි එම කොමිෂන් සභාව වෙත කැබ් රථ 14ක් හා වෑන් රථයක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර තිබේ.
