මැතිවරණයේදි තම පක්ෂය ගැන ජනපති සමඟ සාකච්ජා කරනවා - මහින්ද අමරවීර
මැතිවරණය සම්බන්ධයෙන් අප කුමන පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ ද යන්න ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එකගත්යට පැමිණීමට නියමිත බවත් පෙර අවස්ථාවේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් ඉදිරිපත් වු අතර ඒ අයුරින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සුදුසු බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව දැනුම්දීම සඳහා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැකිමෙන් අනතුරුව ඔහු මේ පිළිබදව පවසා ඇත.
එහිදි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් පවසා සිටියේ,
පවතින ගැටලු තත්ත්වයන්ට වඩා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යහපත් බවත් ,කෘෂිකර්මයට මෙන්ම රටේ සෑම ක්ෂේත්රයකටම ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්ය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් පිළිබදව අදහසක් ජනාධිපතිවරයාට නොතිබුණු නමුත් කථානායකවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිවීම නිසා මෙවැනි තීරණයට එළැඹුණු බවත් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
චමිල් රූපසිංහ

popular news
-
Dayan Sunday, 11 November 2018 07:07 PM
කතානායක තුමා කුමන්ත්‍රණයට හවුල් නොවුන නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න උනා. මේගොල්ල තමන්ගේ වාසියට මිසක් ජනතාව මෝඩයෝ කියලෛ හිතාගෙන ඉන්නේ.
Reply : 0 6
Don Sunday, 11 November 2018 07:43 PM
අමරවීර පමණක් SLFP එකේ ඉඳීවි සිරිසේන SLPP එකේ ලොක්ක වේවි මහින්දට ගෙදර ඉන්න වේවි ගොටත් හුලන් බෝවී
Reply : 0 1
Champa Sunday, 11 November 2018 09:43 PM
ජනාධිපතිතුමා දැන් නම් කොර වෙලා ඉන්නේ. -- පිස්සෙක් රජ වෙලා රටේ ---- ගහනව ගැට හතර අතේ ---- රුවල කැඩුණු නැවක් වගේ ---- රට යනවා හතර අතේ!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

