ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සලකුණ) ලකුණින් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පුත්තලමේ සංචායකින් අනතුරුව ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“සජිත් ප්‍රේමදාස මහත්තයා ඡන්දයට බයවෙලා. දැන් අහනවා ඇයි පාර්ලිමේන්තු මැතිවරණය තියන්න හදිස්සි කියලා. එයා දන්නේ නැන්ද මෙහෙම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බෑ කියලා. දැන් කියනවා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙයි එතුමාගෙයි ප්‍රතිපත්තිය එකක් කියලා. ප්‍රතිපත්තියක් නැති විපක්ෂ නායකවරයෙක්. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙයි මේ අයගෙයි වෙනසක් නෑ.
අද එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දෙ දාන්න යන්නේ නෑ. කවුද පැරදෙන බව දැනගෙන ඡන්දේ දාන්න යන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තොත් සමහර අය කියනවා එකතු වෙලා යන්න ඕන කියලා. සමහර අය කියනවා නෑ වෙන්වෙලා යමු කියලා. බහුතර මතයට අපි යන්න ඕන. අනිවාර්යයෙන්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුව ලකුණින්. සන්ධානය පාර්ලිමේන්තුවට ගිහින් හදනවද? නැන්තම් පාර්ලිමේන්තුවට යන්න කලින් හදනවද කියලා තීරණය කළ යුතුයි.”
