මැතිවරණයක් ඉල්ලා අම්බලන්තොට ජනතාව පාරට බසී
ආණ්ඩුව විසුරුවා හැර මහ මැතිවරණයක් වහා කැඳවන ලෙස සහ කථානායක කරූ ජයසූරිය මහතාට හා රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පල කරමින් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ විරෝධතාවයක් පැවැත්විණ.
අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව අම්බලන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ජනතාව ඒකරාශි කරගනිමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවැත්විණ.
අම්බලන්තොට ගිරිහඬු විහාරය අසලින් ආරම්භ කෙරුණු මෙම විරෝධතාවය අම්බලන්තොට නගර මාධ්‍යයේ ඔරලෝසු කනුව තෙක් ගමන්කර එහිදී පයක පමණ කාලයක් විරෝධතාවයේ නියෙලෙන ලදී . මෙම විරෝධතාවය සඳහා පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 300ක පමණ පිරිසක්ද විරෝධතාවය සඳහා සහභාගී විය.
රාහුල් සමන්ත-හම්බන්තොට


popular news
-
rocky Monday, 26 November 2018 08:42 PM
ඔය පැත්තේ මීහරක් බොහොම ඉන්නවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

