මැතිවරණයකට යන යෝජනාවට JO සහාය
ජනපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කළ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එසේ නොවන්නේ නම් මෙම ගැටලුව විසඳීමට හොඳම ආකාරය වන්නේ ජනතා අධිකරණය හමුවට යෑම බවත් ඒ අනුව ජාතික මැතිවරණයකට යන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනෙන ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට පවසන බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.
එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත් ජතික මැතිවරණයකට යන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එන්නෙනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී සහාය දැක්වීමට සූදානම් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

popular news
-
Champa Saturday, 27 October 2018 05:26 PM
පාර්ලිමේන්තුව විසුරුවන්න යූඑන්පී එක කැමති වෙන්නේ නැහැ කියලා ළදරුවොත් දන්නවා. අලුත් මන්ත්‍රීවරු කවුරුවත් pension එක නැතුව ගෙදර යන්න කැමති වෙන්නෙත් නැහැ හිටි ගමන් පාර්ලිමේන්තු චන්දෙකට යන්නෙත් නැහැ. අනිත් එක මහින්දගේ තනතුර ස්ථිර වෙන්න පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඕනේ. එතකම් තනතුර නාමිකයි. ඊට පස්සේ තමයි තනතුර ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූල වෙන්නේ. මට නම් පෙන්නේ කවුරු හරි ලණුවක් දීල. හරිනම් අගමැති විදිහට පත් කරපු ගමන් යන්න එපෑය පාර්ලිමේන්තුවට. ඒ ගැන ලෑස්තියක්වත් තිබිල නැහැ කියලයි මට නම් පෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකට ඇමතිකම් ඕනේ වෙලා මහින්දව හිලව්වට තිබ්බ වගේ මට නම් පේන්නේ. ඒ මොකොද කිව්වා නම් ගීය සතියේ නේද ආණ්ඩුවත් එක්ක එකතු වෙලා අර ත්රස්තවාදීන්ට වන්දි ගෙවන පනත පාස් කරලා දුන්නේ? ඒකාබද්ධ විපක්ස්හෙන් හිටියේ 43ක් විතරයි. නාමල් කුමාරගේ මාධ්‍ය හමුවට පස්සේ ආණ්ඩුවත්ඒ තක්බීර් වෙන size එකට ඒකාබද්ධ විපක්ෂේ පාර්ලිමේන්තුවේ තිබ්බ විලාපේ වගේ විලාපයක් ත්‍රස්තවාදී පනතට විරුද්ධව තිබ්බේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

