මැතිවරණයකට යන්න ගේන ඕනම යෝජනාවකට අපේ සහාය ලබාදෙනවා
කුරුණෑගල ප්රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට තියෙනවා. අත් අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුනත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
අපේ රටේ ප්රජාතන්ත්රවාදය බිද දැමීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. නිදහස නැති දවසටයි ප්රජාතන්ත්රවාදයේ වටිනාකම ඇති වෙන්නේ. තෝරා පත් කර ගන්නා නියෝජිතයින්ගේ වැරදි තියෙනවා නම් ඔවුන් වෙනස් කර ගැනීමේ හැකියාව ජනතාවට තියෙනවා. මේක විකෘති පාර්ලිමේන්තුවක්.
19 යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඕනෑම යෝජනාවකට සහාය දෙන්න අපි සූදානම්. අද පාර්ලිමේන්තුවට ඡන්ද පදනම ගැන සිතමින් තින්දු ගන්න වෙලා තියෙන්නේ.ජනතාවගේ ඔළුවට වැරදි පණිවිඩයක් යවමින් ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඕනම රටක ඒකාධිපතිවාදයක් තියෙන අවස්ථාවකයි ප්රජාතන්ත්රවාදය වැදගත් වෙන්නේ. මහජනතාවගේ තෝරා ගැනීමේ අයිතියට අත තියන්න කිසිවෙක්ට අයිතියක් නැහැ. පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යුතු අය ඉන්නවා නම් ඔවුන්ව ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ නැති වෙයි. කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මන්ත්‍රීවරු පත්කර ගැනීමේ ක්‍රමයක් රටට අවශ්‍යයි.
අපි පාර්ලිමේන්තුවට ඇවිත් වසර 26යි. විශ්වාසභංග යෝජනා රැසක් අපි දැකලා තියෙනවා. මුස්ලිම් කොංග්‍රසයේ නායකයාට ගෙනාපු විශ්වාසභංග යෝජනාවයි මෑත ඉතිහාසයේ අපි හොදින්ම සවන් දුන්න විශ්වාසභංග යෝජනාව. අනුර බණ්ඩාරනායක මහතා පැයයි විනාඩි පහක් කතා කළා.කුරානයේ ඉදිකට්ටක් හොරකම් කළත් දඩුවම තියෙනවා. නැවක් හොරකම් කළොත් මොකද කරන්නේ කියලා ඇහුවා. එතකොට අෂ්රෆ් මහතා වරාය ඇමැති. එතුමා නිෂ්ශබ්දව අහන් ඉදලා අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කරුණු වලට සාක්ෂි ඇතිව කරුණු ඉදිරිපත් කරලා එළියට බැස්සේ ජයග්රාහි විලාසයෙන්.
දැන් ගේන විශ්වාසභංග යෝජනාවලට මොනවා වෙනවාද දන්නැහැ. රවි කරුණානායක මහතාට රනිල් වික්‍රමසිංහට විශ්වාසභංග යෝජනා ගෙනාවා. තේරීම් කාරක සභා දැම්මේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංග යෝජනාවට විතරක් තේරීම් කාරක සභාවක් දැම්මේ ඇයි.
ඡන්ද පදනම ආරක්ෂා කරගන්න ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ. රුසියානු ජනාධීපති පූටින් කිව්වා රටකට එක නිතියක් තිබුය යුතුයි. යම් කෙනෙක් ඒ නිතියට ගරු කරන්නේ නැත්නම් ඔවුන් ගරු කරන නිතිය තියෙන රටකට යා යුතුයි කියලා.
මේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජිවත් වුණු රට. අද මුස්ලිම් සමාජයම බිය වෙලා. මහින්ද රාජපක්ෂ මහතා වසර තිහකින් යුද්ධය අවසන් කරලා ජාතිකත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කළා.
මේ ආණ්ඩුව අදත් ඡන්ද පදනම ගැන හිතනවා. ඡන්ද පදනම් ගැන කතා කරපු ඉන්දියාවේ ක්‍රියාත්මක වුණේ ජාතිකත්වය හා ජාතික ආරක්ෂාවයි. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා වහාම මැතිවරණයකට ගිහින් මේ විකෘති පාර්ලිමේන්තුව ඉවත් කළ යුතුයි. ශක්තිමත් හොඳ මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් ජනතාව පත් කරයි. ආණ්ඩුව කරගෙන යන්න බැරි නිසා තවත් රටේ ප්‍රශ්න ඇති කරන්නේ නැතිව කඩිනමින් මැතිවරණයකට යන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
කෂිනි හපුආරච්චි

popular news
-
dayan Tuesday, 28 May 2019 03:02 PM
මහ ජනතාව දැන් ඉන්න කොය් කෙනාවත් ආයේ පාර්ලිමේන්තු එවන්නේ නැහැ.
Reply : 0 0
සිරිබිරිස් Wednesday, 29 May 2019 06:21 AM
අහවල් දරුවා අත්අඩංගුවේ ඉන්නවා ඉවසන්නම බැහැ
Reply : 0 0
Don Wednesday, 29 May 2019 09:40 AM
මෙයාල මැතිවරණයක් එනකම් තප්පුලනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ තමයි ඒ ගැන සලකාබලන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

