මා හැමදාම ජාතික අරගලයේ සිටි කෙනෙක් - පාඨලි
ඉදිරියේදි බොල් කනු වෙනුවට ගල් කනු මතු වනු ඇති බවත් තමන් ඇතුලු ජාතික හෙළ උරුමය විසින් 2004 හා 2005 කාල වකවානුවලදි දේශපාලන වශයෙන් ගන්නා ලද තිරණ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව ද හිටපු අමාත්‍ය චමිපික රනවක මහතා පවසයි.
අද (25) දළඳා සමිදුන් වැඳපුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය .
තමන් ඇතුලු පිරිස මේ රටේ පැවති යුද්ධය ජයගැනිම සදහා පුර්ණ සහයෝගය දැක්වු බවත් ඒ සදහා කැපවිමෙන් කටයුතු කල බවද ප්‍රකාශ කළේය.
ඉන්පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමන් සඳහන් කලේ අධිකරනයේ කටයුතු පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරිමට අදහස් නොකරන බවත් තමන් දෙදනනමන්නේ බුදුන් දහම් සගුන්ට පමනක් බවත් අවනිතියට දෙදනනොනමන බවයි. තමන් හැමදාම තෙරුවන් අදහමින් ජාතික අරගලයේ සිටි අය බවත් ප්රභාකරන්ට කාලතුවත්කු තිබු කාලයේ සිට ම අරගල කල අය බවයි.
මේ ඇතිවු තත්ත්වය පිළිබඳව තමන් ආඩම්බර වන බවත් දේශපාලන වශයෙන් අභියෝග මර්දනය කිරිමට යාමෙන් පෙන්වන්නේ තමන් අභියෝගයක් වි ඇති බවයි. නමුත් මේ කරන දේවලින් කිසිසේත්ම තමන් නැවත්විය නොහැකි බවත් ඉදිරියටම යන බවත්ය.
තමන් ඇතුලු පිරිස ස්වාධින අධිකරනය ඇති කල බවත් එමෙන්ම ස්වාධින පොලිස් කොමිසමක් ඇති කල බවත් අධිකරණය මෙන්ම පොලිස් කොමිසම ද නිතිය නිසි ලෙස ක්‍රියාත්මක කරමින් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද පැවසීය. එමෙන්ම මේ සිදුවන තත්ත්වයන් පිළිබඳ ව මහජනතාව ද දැනුවත් වෙලා කටයුතු කරනු ඇති බව ද ප්‍රකාශ කළේය.

popular news
-
සෙනෙවි Thursday, 26 December 2019 09:20 AM
වාහනයේ හැපුන අසරණ ලමයා වෙනුවෙන් සත පහක් වියදම් නොකර තමන් ගැන පාරම් බෑවට කවුරුවත් ගනන් ගන්නෙ නැති බව නොතේරෙන මරි මෝඩ ගොන් තකතිරු නරුම මිනිහෙක්
Reply : 0 0
Deepal Nirosh Thursday, 26 December 2019 09:47 AM
2004, 2005 වගේ 2019 ඩීල් ඒක හරි ගිහින් නැහැ වගේ. 2005 උතුරේ ඡන්ද වර්ජනය කරපු ප්රභාකරන්ට වෙච්චි ඉරණමමයි මෙතුමාටත් අත්වුණේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

