මාස 10ට ඩෙංගු රෝගීන් 40000ක්
මේ වසරේ පළමු මාස 10ක කාලය තුළදී ඩෙංගු රෝගීන් හතළිස් එක්දහස් දෙසිය දහසයක් (41216) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම කාලය තුළදී මරණ හතළිස් හයක් (46) වාර්තා වී තිබෙන අතර, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 7951ක් වාර්තා වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4476ක් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2521ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3120ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2027ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.
පළාත් පාලන ආයතන බල ප්‍ර‘දේශයක් ලෙස වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවෙන් වන අතර, මාස 10ක කාලය තුළදී එම බල ප්‍ර‘දේශයෙන් රෝගීන් 1998ක් වාර්තා වී තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 7278ක්, පෙබරවාරි මාසයේදී රෝගීන් 4488ක්, මාර්තු මාසයේදී රෝගීන් 3380ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2618ක්, මැයි මාසයේදී රෝගීන් 3560ක්, ජුනි මාසයේදී රෝගීන් 5513ක්, ජූලි මාසයේදී රෝගීන් 6455ක්, අගෝස්තු මාසයේදී රෝගීන් 4270ක්, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 2017ක් සහ ඔක්තෝබර් මාසයේදී රෝගීන් 1637ක් ලෙස වාර්තා වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

