මාස 10ක නිවුන් දැරියන් ඝාතනය කරලා
සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
අද උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ. දැරියන්ගේ මව සමන්තුරය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවත් පොලීසිය පවසයි.
මෙම මව මානසික ආබාධයකට ප්රතිකාර ලබාගෙන ඇතිබවට තොරතුරු වාර්තා වී ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

popular news
-
Kumar Monday, 29 July 2019 09:56 PM
මේ වැනි පුවත් කියවනකොට මගේ සිතේ දරුණු වේදනාවක් ඇතිවෙනවා. මගේ දරුවන්ගේ බිලිඳු කාලය මට මතක් වෙනවා. කිසිම දෙයක් කරගති නොහැකි දරුවෝ දෙදෙනෙකුගේ ජීවිත නැතිවුන. මම අසා ඇතිදේ අනුව ළමයෙක් ඉපදුනගමන් මවගේ හෝමෝන වැඩිවෙනවලු. තමන්ට පිහිටක් නැති නම් තම ජීවිතය පවා නැතිකරගන්න සිතෙනවලු. මම ඉන්න රටේ නම් දරුවෙක් ඉපදුන මොහොතේ සිට සැමියෙක් නොසිටියත් මවගැන සොයා බලනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

