මාස 09 ට වාහන 491632ක් ලියාපදිංචි කරයි
ගත වූ මාස නවය තුළදී මෙරට වාහන ලියාපදිංචිය 491,632 ක් බවත්, එය පසුගිය වසරේ ලියාපදිංචි වූ මුළු වාහන සංඛ්‍යාව වන 429,556 ද ඉක්මවා ගොස් ඇති බවත් මෝටර් වාහන ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා 'අද' ට ප්‍රකාශ කළේය.
ඉදිරි මාස තුනද ඇතුළත්ව 2015 වසරේ මුළු වාහන ලියාපදිංචිය ලක්ෂ 06 ද ඉක්මවනු ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
වසරේ වැඩිම වාහන ලියාපදිංචිය මාර්තු මාසයේදී 66,889 ක් වශයෙන් දැක්වෙන බවත්, දෙවැනියට වැඩිම වාහන ලියාපදිංචිය දක්වන්නේ 63,824 ක් ලෙස ගෙවුණු සැප්තැම්බර් මාසයේදී බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම සැප්තැම්බර් මාසයේදී වසරේ වැඩිම මෝටර් කාර් ලියාපදිංචියද සටහන් වී තිබේ. ඒ අනුව මෝටර් කාර් 15,107 ක් සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබේ.
ත්‍රිරෝද රථ ලියාපදිංචියේ වැඩිම ප්‍රමාණය දැක්වෙන්නේ මාර්තු මාසයේදී වන අතර, එය 12,530 කි. එමෙන්ම සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ ත්‍රිරෝද වාහන සංඛ්‍යාව 12,396 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

