පසුගිය වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර සිටියේය.
එමෙන්ම අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහේස්ත්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහේස්ත්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබිය.
මෙම නඩුව සඳහා මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් 13ක් ඉදිරිපත් කර අතර පසුගිය ජුනි 03 වැනිදා නඩුව පැවැති අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කි‍්‍රයා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමඟ මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණුදෙනු කිරිමේ වරද සම්බන්ධයෙන් එම සැකකරු ඉදිරිපත් කර බවයි.
ඔහු මුදල් ගණූදෙනු කරනු ලැබු පෞද්ගලික බැංකුව හරහා ලබා ගත් එම වාර්තාවන්ද අධිකරණ නියෝග මත මාවනැල්ල පොලීසියෙන් ලබා ගෙන මාවනැල්ල පොලීසියේ උපපොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
ඔහුද නැවත 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය. එම සැකකරු අලූත් නුවර, හිගුල ප්‍රදේශයේ පදිංචි අවිවාහක අවුරුදු 24 ක් වන හස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් නම් වෙති.
නඩුව පැවැති 13 වැනිදා උදෑසන 8.45 ට පමණ බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන පැමිණි අතර එම දිනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදාවද යොදවා තිබුණි.
මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර පසු ඒ වෙනුවෙන් සිංහල නිතිඥ මහතෙකු එම සැකකරුවන්ගෙන් 8,9,11 යන සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි අතර අද දිනයේ තවත් මුස්ලිම් ජාතික නිතිඥ මහත්මයෙකු එම සැකකරුවන් වෙනුවෙන් ඔහුට සහාය විය. තවද 1 සිට 7 දක්වා සැකකරුවන් වෙනුවෙන් සිංහල නිතිඥ මහත්මයෙකු පෙනි සිටින ලදි. ඒ අනුව සිංහල නිතිඥ මහත්වරුන් දෙදෙනෙක් සහ එක් මුස්ලිම් නිතිඥයෙකු සැකකරුවන්ගෙන් පිරිසක් වෙනුවෙන් පෙනි සිටින ලදි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙන්ම මාවනැල්ල පොලීසියේ නිලධාරි මහත්මයෙක් සැකකරුවන්ට විරුද්ධව පැමිණිලි මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරමින් මේ සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කිරිමට අවශ්‍ය කාලය ඉල්ලා සිටිමද විශේෂත්වයකි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන සැකකරුවන් තවදුරටත් ප්‍රශ්න කිරිමේ කටයුතු වලට නියෝග ලබා දුන් අතර ඔවුන්ගෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා පැවසිය.
එමෙන්ම දැනට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම් වලදි සොයා ගත් පුපුරණ කුඩු වර්ගයක් විනාශ කිරිමටද අධිකරණයෙන් නියෝග ලැබුණු අතර පුපුරණ අනික් ද්‍රව්‍ය ආදාළ ආයතන වලට යොමු කර ඉදිරි කටයුතු සිදු කිරිමටත් මෙම සියලු නඩු භාණ්ඩ විනාශ කිරිමට හෝ රඳවා ගැනිමට පෙර ඒවායේ ජායාරූප ලබා ගැනිමටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පැමිණි එම්.එම්. ජේ මාරසිංහ මහතා ඇතුළු නිලධාරින්ට නියෝග ලබා දෙන ලදි.
කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව තවදුරටත් විභාග කටයුතු සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ජුනි 27 වැනිදා තෙක් කල් තැබිම සිදු කරන ලද අතර 8,9,11 සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග ලබා දිම පසුගිය ජුනි 03 වැනිදා නියෝග කර අතර එම වාර්තා අද ආරක්ෂක ප්‍රධානීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
