මාර්තු 01 දා සිට වතු කම්කරු අවම වැටුප රුපියල් 1000යි - ජනපති
2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවිමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය. මේ සහන හිමිවන්නේ වතු සමාගම්වලට බැවින් එහි ප්රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප්රතිලාභ කම්කරුවාට හිමිකර දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා පවසයි.
-
samson de silva Wednesday, 15 January 2020 11:06 AM
තේ කොමපනි වලට බදු සහන දුන්නා. පොහොර නොමිලේ දුන්නා. ඒවායින් ඉතුරුවන මුදල්වලින් කම්කරුවන්ට පඩි වැඩිකරන්න පුළුවනි. එම නිසා දුප්පත් අපට තියෙන එකම සහනය වන බොන පෙලෙන්ටි එකට අවශ්‍ය තේ කොලවල මිල ඉහල යන්න විදිහක් ඇත්තෙම නැහැ. බලාගෙන ඉමු එහෙම වේවිද කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

