මාර්තුවේදී ආණ්ඩුව රු. කෝටි 4000ක් අච්චු ගහලා
මාර්තු මාසයේදී පමණක් ආණ්ඩුව රුපියල් කෝටි 4000ක මුදලක් අච්චු ගසා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැති විපක්ෂනායක ජංගම සේවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“රුපියල දවසින් දවස මොහොතින මොහොත අවප්‍රමාණයට ලක්වෙමින් යනවා. දැන ඩොලරය රු 202ටත් ඉහළින ගිහිල්ලා. මට මතකයි අපේ ආණ්ඩුව තිබෙන කොට මේ වගේ නෙමෙයි යම් ප්‍රමාණයකට රුපියල අවප්‍රමාණයට ලක්වුණා. එතකොට දැන් ඉන්න මුදල් ඇමතිතුමත්, බන්දුල ගුණවරධන මහතාතේ අපේ අදක්ෂ කම ගන කථා කළා.
දැන් මම අහන්න කැමතියි ඩොලරය රුපියල් 202ට ඉහළ ගිය එක හැකියාවද අදක්ෂකමද? පැහැදිලිවම එදා ප්‍රකාශ කළා පොහොට්ටුවට බලය ලබාදෙන්න එතකොට රැපියල පාලනය කරන්නම් කියලා.
දැන් හොඳට පේනවා රුපියල පාලනය කරන්නත් බෑ. රට පාලනය කරන්නත බෑ. මාර්තු මාසයේ විතරක් කෝටි 4000ක් මුදල් අච්චුගහලා තියෙනවා. කොහාටද මේ අච්චුගහපු මුදල් යන්නේ. ජනතා සේවයට කැප කර තිබෙනවා. ජනතාවට ගෙවල් ටික හැදෙනවද? තරුණයන්ට රැකියා ටික ලැබෙනවද?
පාලකයෝ සුරසැප විදනවා. මහජනතාව අන්ත අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. එදා පොරොන්දු වුණා සෞභාග්‍යය කරා ගෙනියනවා කියලා. නමුත් මුදල් අච්චු ගහන විදිහට සිම්බාබ්වේ කරා ගෙනියන්නේ”
popular news
-
Kumar Sunday, 04 April 2021 07:56 PM
I suppose that is Cabraal doctrine. If money is printed without growth then value drops. Soon it will become funny money.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

