මාර්ග තදබදයට විසඳුම් ඉල්ලයි
වර්තමානයේ දැඩි ගැටළුවක්ව පවතින මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් ලබා දී මහජනයා පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
“මාර්ග තදබදයට වඩා සාර්ථක විසඳුම ඇත්තේ ප්‍රධාන මාර්ගවලට ඇතුළු වන වාහන සංගණනය කර ඒ අනුව මාර්ග පද්ධතිවල ඇති මාර්ග සංඥා ආලෝක පද්ධති යාවත්කාලීන කිරීම තුළින්.
කොළඹ නගරයේ වාහන තදබදය වැඩිපුරම දක්නට ලැබෙන්නේ පෙරවරුවේ සහ සවස්වරුවේ දී යි. එමනිසා කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගවල ඇති මාර්ග සංඥා ආලෝක පද්ධති කඩිනමින් යාවත්කාලීන කළ යුතු වෙනවා.
එමෙන්ම අධිවේගී මාර්ගවලට පිවිසෙන මාර්ග ආශ්‍රිතව ඇති ආලෝක සංඥා පද්ධතිය මාර්ගයට ඇතුළු වන වාහන ප්‍රමාණයට අනුකූල වන ලෙස යාවත්කාලීන කළ යුතුයි.” යැයි ඔහු පැවැසීය.
ඔහු මේ බව සඳහන් කළේ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශ ශ්රවණාගාරයෙහි පැවති විශේෂ සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.
මෙරට මාර්ග තදබදය හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 150 කට ආසන්න ඉන්ධන හා මිනිස් ශ්‍රමය නාස්ති වී යයි.
එම හේතුවෙන් මෙම හානිදායක තත්ත්වයන් අවම කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ගතහැකි කඩිනම් පියවර ගනිමින් නිසි පරිදි එම කටයුතු සිදුකරන්නැයි මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දුනි.

popular news
-
Senarath Bandara Tuesday, 03 December 2019 03:46 PM
ධම්මික පෙරේරා මහත්මයාව මුණ ගැහෙන්න. හැම ප්‍රශ්නයකට හොඳ උත්තරයක් එතුමා ලග තියෙනවා. ටෝක් විත් චතුර වැඩ සටහන බලන්න.
Reply : 0 42
chandana perera Tuesday, 03 December 2019 05:00 PM
වර්තමානයේ දැඩි ගැටළුවක්ව පවතින මාර්ග තදබදයට කඩිනමින් විසඳුම් ලබා දීම ගැන කව් බෝයි හැට් ගෙන සන්ග්ලාස් ගෙන කියන්න ඕනේ නැහැ.ක්‍රියාවෙන් කරලා පෙන්වන එකයි තියෙන්නේ.
Reply : 0 0
හේරත් Tuesday, 03 December 2019 05:15 PM
පැලැස්තර වැඩ කරන්න යන්න එපා! - මාර්ග සංඥා ආලෝක පද්ධති යාවත්කාලීන කලාට මාර්ග තද-බදය අඩුකරන්න බැ!!! ඉස්සරවෙලාම ගැටලුව තේරුම් අරන් ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

