මාර්ග අනතුරු නිසා දිනකට මරණ දෙකක්
සෑම පැයකදීම අවම වශයෙන් දෙදෙනෙකුගේ පමණ ජීවිත අනතුරු නිසා රටට අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේය.
ජූලි මස පළමු වෙනි සතිය තුළදී පවත්වනු ලබන ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳ මාධ්‍යෙව්දීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (27) පැවැත්වූ මාධ්‍ය හමුවේදී වෛද්‍යවරයා මේ බව පැවසුවේය.
“මෙරට සිදුවන රෝහල්ගත වීම් අතරින් ප්‍රධාන සාධකය ලෙස හදිසි අනතුරු හඳුනාගෙන තිබෙනවා. වසරකට ලංකාවේ සිදුවන සමස්ත මරණ සංඛ්‍යාව වන එක්ලක්ෂ හතළිස් දහසෙන් (140,000) සියයට දහයක්ම (10%) එනම් පුද්ගලයින් දාහතර දහසක් (14,000) මියයන්නේ හදිසි අනතුරු නිසායි.
අපි ඇස්තමේන්තු කර ඇති ආකාරයට සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආකාරයේ අනතුරකට පත්විය හැකියි. අනතුරු වළක්වා ගැනීමට පිළියම් යෙදීම තුළින් මෙම බරපතළ තත්ත්වය මගහරවා ගත හැකියි. ඒ සදහා සෑම වසරකම ජූලි මස පළමු සතිය ‘ජාතික අනතුරු නිවාරණ සතිය‘ ලෙස නම් කර තිබෙනවා‘‘ යැයි හෙතෙම පවසා සිටියේය.
ඒ අනුව එළඹෙන සතියේ සඳුදා දිනයේ සිට (ජූලි 01 සිට ජූලි 05වැනිදා දක්වා) මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන එක්ව වැඩසටහන් සංවිධානය කර ඇති බවත් ඒ මහතා පැවසුවේය.
ජාතික අනතුරු නිවාරණ සතියේ පළමු දිනය (ජූලි 01දා) මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත් දෙවැනි දිනය (ජූලි 02දා) සේවා ස්ථානයන්හි අනතුරු වළක්වන දිනය ලෙසත්, තෙවැනි දිනය (ජූලි 03දා) නිවෙස් හා වැඩිහිටි නිවාසවල සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, සිවුවැනි දිනය (ජූලි 04දා) පෙර පාසල් තුළ සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය ලෙසත්, පස්වැනි දිනය (ජූලි 05දා) පාසල් තුළ සිදුවන අනතරු වැළැක්වීමේ දිනය ලෙසත් නම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

