මාධ්‍ය ප්‍රශ්ණ කිරීම් හමුවේ මහින්ද මාධ්‍ය සාකච්ඡාවෙන් නැගිට යයි
කොළඹ 07,විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේ අද (18දා) දහවල් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්යවේදීන්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළද,ඒ මහතා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අධිකරණය මගින් නිදහස ලැබීම සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හැසිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.
ජී.එල්.පීරිස්,විමල් වීරවංශ,මහින්දානන්ද අලුත්ගමගේ,නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඊට එක්ව සිටියහ.
ජී.එල්.පීරිස් සහජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් පමණක් එහිදීඅදහස් පළ කළ අතර, පසුගිය පාලන කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර තිබූ බවට වාර්තා පළවීම හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සම්බන්ධව මාධ්‍යවේදීහු විමසීම් කළහ.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දෙමින් සඳහන් කළේ, තමන් එම අවස්ථාවලදී නිවැරදිව කටයුතු කළ බවයි.

popular news
-
weliweriye dil Thursday, 18 October 2018 05:16 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 588 531
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

