මාධ්‍ය නිදහස නැතිකර ගත හැක්කේ මාධ්‍යටම තමයි
ජනතාව සටන් කරමින් ලබගත් මාධ්‍ය නිදහස අහිමි කළ හැක්කේ මාධ්‍යයටම පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කොළඹ ප්රකාශනය එළිදක්වා වසර 20ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ වූ ජාත්‍යන්තර සමුළුව ඊයේ (27දා) අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
&කොළඹ ප්රකාශනය මාධ්‍ය සංවිධාන මෙන්ම මාධ්‍ය නොවන බොහෝ දෙනෙක් පිළිගත් ප්රකාශනයක්. ඒ සඳහා අපි සටන් කළා, දුක්වින්දා. මේවෙනුවෙන් ජීවිත ගණනාවක් නැතිවුණා. මේ සටනට අවසානයේ පාරට බහින්න සිදුවුණේ දේශපාලන සංවිධානවලට හා සිවිල් සංවිධානවලට.
මාධ්‍ය නිදහසට සම්බන්ධ ප්‍රධාන නීති සම්මත කරගන්න අපට හැකියාව ලැබුණා. මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වෙන්නේ ප්රජාතන්ත්රවාදය තිබෙනවානම් පමණයි. සාපරාධී අපරාධ නීතිය අපි 2002 දී අහෝසි කළා. 2015 දී නව රජය යටතේ විශේෂ පියවර කිහිපයක් ගත්තා. 19 වැනි සංශෝධනය සහ තොරතුරු දැනගැනීමේ පනත ඒ අතර විශේෂයි.
ඒ හරහා අපි ප්රජාතන්ත්රවාදය තහවුරු කළා. මාධ්‍ය, ආණ්ඩුවේ අඩුපාඩු පෙන්විය යුතුයි. ඒවගේම ආණ්ඩුව කළ යුතු දේවලුත් පෙන්විය යුතුයි. මේ සිදුවෙන්නේ මොකක්ද කියලා අපටත් අහන්න තිබෙනවා. සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කැපවෙලා ඉන්නවා. ඒ ගමන අපි තවදුරට යන්න අවශ්‍යයි.ජනතාව සටන් කරලා මාධ්‍ය නිදහස ඇතිකළා. ඒක නැතිකරන්න පුළුවන් මාධ්‍යයට පමණයි*
ඡායාරූප ඉසුරු පෙරේරා
















popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

