මාධ්‍ය ගැන අගමැතිට ප්රහේළිකාවක්
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළත් ආරක්ෂක අංශ අගය කිරීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි තමන්ට ප්රහේළිකාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (04දා) පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
“පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් ගත වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකි වුණා. ඊට සම්බන්ධ වූ ත්රස්තවාදීන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් සියලු දෙනා මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා.
මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඊට සම්බන්ධ සියලු දෙනා මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වීම ලෝක වාර්තාවක් ලෙස හැදින්විය හැකියි. එවැනි සාර්ථකත්වයක් ලබාගත් රටවල් තිබෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි.
නමුත් මේ සම්බන්ධයෙන් මා තුළ එක් කණගාටුවක් තිබෙනවා. එනම්, මෙතරම් ඉක්මනින් මෙම ත්රස්තවාදීන් අත්අඩංගුවට ගත් රටේ ආරක්ෂක අංශ වෙත ඔවුන්ට හිමි ගෞරවය ලබාදීමට අපේ රටේ මාධ්‍ය කටයුතු නොකිරීමයි. මෙම ආරක්ෂක කටයුතු සිදු කළ පොලිසිය, බුද්ධි අංශ ඇතුලූ සියලූම ආරක්ෂක අංශ වෙත ප්‍රශංසාව හා ගෞරවය ලබාදීමට රටේ මාධ්‍ය පැකිලෙන්නේ මන්දැයි මා දන්නේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් සිදු කළේ විශේෂ සේවාවක්.
ප්‍රහාරය සිදුවූ දින දහවල් කාලයේ දී මීට සම්බන්ධ ත්රස්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි මම උපදෙස් ලබා දුන්නා. එදිනම පස්වරුව වන විට අපේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කරගනිමින් වුණත් එම ත්රස්තවාදීන් පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වුණා. එම සිදුවීමෙන් සතියක් ගත වීමට පෙර ඊට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
නමුත්, මෙතරම් විශිෂ්ඨ සේවයක් සිදු කළ රටේ ආරක්ෂක අංශ වෙත එම ගෞරවය හා ප්‍රශංසාව ලබාදීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි මටත්, ජනතාවටත් විශාල ප්‍රහේලිකාවක් වී තිබෙනවා. එම නිසා මෙම සිදුවීමේ ද නම සඳහන් නොවූ වීරයන් වන්නේ අපේ ආරක්ෂක අංශ බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා.”

popular news
-
Kamal Perea Wednesday, 05 June 2019 05:17 AM
මාධ්‍ය හරි දෙය අගය කරනවට වඩා වාසී පැත්තට හොඉයා
Reply : 2 0
Meranchi Wednesday, 05 June 2019 05:58 AM
That is not a secret matter because security service they knows full detail of attackers. who where they live. when that terrest will attack. which place they will attack. as well as government also knows it is not a hyden agenda. that is why they arrest very quickly what about that two police man who murder in kathan kudy arrest correct suspect no misled whole country and arrest innersent two Tamil boys s
Reply : 0 2
Champa Wednesday, 05 June 2019 08:51 AM
අනේ මේ ත්රස්තවාදීන්ගෙන් රට බේරලා දුන්න රණවිරුවන් පාවල දුන්නු වහල් .... හමුදා බුද්ධි අංශ සාමාජිකයෝ කීයක් හිරේ දැම්මද? තව කීදෙනෙක් හිරේ දාන්න ඉන්නවද? ඒ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය අනතිමෙටම කෙලසල මිනීමරුවෝ ගානට දැම්ම.. ආරක්ෂක හමුදාවට කරන්න පුළුවන් තරම් විරුද්ධකම් කරපු LTTE එකෙයි TNA එකයි පිහිටෙන් රටේ බලය අල්ලගත්තු බත්බැලයෝ දැන් එනවා කියන්න සහරාන්ව අල්ලපු ආරක්ෂක අංශ පත්තර අගය කරන්නේ නැහැලු.
Reply : 13 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

