මාතර සිසුවා ඝාතනයේ ප්රධාන සැකකරු අධිකරණයට භාරවෙයි
මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී සිසුවෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරිමේ සිදුවීමේ ප්රධාන සැකකරු මාතර මහේස්ත්රාත් අධිකරණයට භාර වී තිබේ. සැකකරු ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු අවුරුදු 17ක් වන සිතිජ සෞන්දර්යය නම්වෙයි.
මේ අතර ඝාතනය සඳහා පැමිණි තවත් අවුරුදු 17ක් වන සැකකරුවෙක් මාතර පොලිස් අධිකාරී කාර්යාලයට භාර වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු නිම්නජිත් සමරසිංහ නම් වෙයි.
සිසුවා ඝාතනය කිරීමෙන් පසුව ප්රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් ප්රදේශයෙන් පළා ගොස් තිබුණි.ඝාතයට යොදාගත් යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබූ අතර පොලිස් කණ්ඩායම් පහක් යටතේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

popular news
-
Don Monday, 26 November 2018 03:35 PM
මෙයාල සටන් පුහුණුව ලබාගත්තේ පහුගියදා පාර්ලිමේන්තුවේ වැඩ කිඩ රූපවාහිනියෙන් බලල පන්ති යන්නේ නෑ, ලව් කරනවා, හිරේ යනවා. අවුරුදු 16 ට 17 ට.
Reply : 0 0
SN Monday, 26 November 2018 04:05 PM
1.මාතර ළමයින්ගේ රණ්ඩුව බේරන්න කවුරු වත්ම ආවේ නැහැ . 2.මොනරාගල තරුණියක් මරනකම් බලාහිටිය. බේරන්න කව්රු වත් ගියේ නැහැ. 3.කෑගල්ලේ ළමයෙක් ගඟේ ගියා. යාලුවෝ ටික මොකුත් නොදන්නා තාලෙට ගෙදර ගියා. අද අපි කාටවත් සමාජ ආරක්ෂාවක් නැහැ. නීතිය රකින ආයතන, ගුණ ධර්ම කියාදෙන ආයතන වහාම ක්රියාත්මක වියයුතුය. ගැරඬි යා මීයෙක් ඇල්ලුවත්, මීයව බේරගන්න මිනිස්සු අපි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

