මහ මැතිවරණය 2020දී - එස්.බී.
වත්මන් ආණ්ඩුවට බහුතරය තිබෙන බැවින් නව කථානායකවරයෙකු පත්කර පාර්ලිමේන්තුව 2020 ඔක්තෝබර් වනතෙක් පවත්වාගෙන යන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට මේ වන විට ඇත්තේ මන්ත්‍රී ධුර 88ක් පමණක් බවත්, මේ නිසා ඔවුන්ට 113 පෙන්වන බව සඳහන් කළ දිනට එය පෙන්විමට නොහැකි වූ බවද පවසා සිටියේය.
අවශ්‍ය වු අවස්ථාවකදී ආණ්ඩුවේ බහුතරය පෙන්වන බවත් මේ අනුව ඉදිරියේදී මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවද සදහන් කළේය.
ඉන්පසුව ජනාධිපතිවරණය පවත්වන බවත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා සම්පූර්ණ නිල කාලය අවසන් වනතුරුම පාර්ලිමේන්තුව පවත්වාගෙන යන බවද පවසා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අධිකරණ තීන්දුව ලැබීමට පෙර අවලංගු කළ හැකි බවද සදහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පවා නොමැති වි තිබෙන බවද අද (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කළේය.
popular news
-
chathuri Thursday, 22 November 2018 05:29 PM
මේ. රටේ. තියෙන තත්වය අනුව 2020. වෙන කම් මේ කට්ටිය. ඉදිද . සිරිසේනත්. එක්කම. අද හෙට එලියට ඇදල දමයි
Reply : 0 0
Champa Thursday, 22 November 2018 05:32 PM
හා හා දැන් සති තුනක් තිස්සේ මහ චන්දයක් ඉල්ලුව. දැන් කියනව මහ චන්දෙ 2020ලු. පව් අර කැහැගහපු හාමුදුරුවරු. එක්සත් ජාතික පක්ෂය ගැන කතාවක් නැහැ. ජනාධිපතිගේ ගැසට් එක වැරදියි කියලා මුළු රටම කිව්වා. රනිල්ගේ විරුද්ධ්වදියොත් කිව ව්‍යවස්ථාවේ තියෙන විදිහට හරියට වැඩ කරන්න. අන්න මම ලිව්වා දයාසිරි කියලා තියෙන එකට ලංකාවේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් කියන එකට. ආයේ මෙතනත් ඒක ලියන්න කම්මැලියි. 1978 විධායක ජනාධිපති ක්‍රමය JR හැදුවේ ප්‍රංශ සහ ඇමරිකන් ක්‍රම වල සංකලනයක් විදිහට වුනාට පාර්ලිමේන්තුව තිබ්බේ වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට. අද වෙනකොට පැහැදිලිවම පේනව එහෙම කරලා තියෙන්නේ හදිසිඑයේ වත් ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ බහුතරය පක්ෂ දෙකකට ගිහින් තියෙන වෙලාවක, විධායකය බලය අයුතු ලෙස පාවිච්චි කලොත් ජනතා පරමාධිපත්‍යයට හිමි බලය හරහා පාර්ලිමේන්තුවට විධායකය පාලනය කරන්න පුළුවන් වෙන්න කියල. ඔය කරපු කුමන්ත්‍රණයට මම නම් ස්ම්පූරන්යෙන් විරුද්ධයි. ඕක ඉතාම වැරදි පූර්වාදර්ශයක්. විධායක බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක්. මෙහෙම වෙලාවක කථානායකට තමයි පාර්ලිමේන්තුව හරහා ඒ වැරදි පූර්වාදර්ශය දුර දිග නොගිහින් නිවැරදි කරන්න බලය තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

