මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ තීරණය කරයි
මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභා රැස්වීමෙන් අනුව තීරණය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ඇද පැවැති රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
මැතිවරණය පැවැත්වීට අදාළ සෞඛ්‍යමය මාර්ගෝපදේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අපිට අවශ්‍යයි ග්‍රීන් ලයිට් එක. අපිට වාර්තාව ලැබුණා. මෙහි තිබෙන්නේ ඡන්දය පැවැත්වීමේ මාර්ගෝපදේශ. මෙය අධ්‍යනය කිරීමෙන් පස්සේ අපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.
අදත් කමිෂන් සභා රැස්වීම පැවැත්වුණා. අදත් සාකච්ඡා කළේ සෞඛ්‍යමය මාර්ගෝපදේශ ගැනයි. මේ කරුණ සාකච්ඡා කරලා අට වැනි දින ඡන්ද විමසීමට අදාළ ව්‍යවස්ථාපිත කටයුතු සිදුකරනවා.”

popular news
-
Don Wednesday, 03 June 2020 06:19 PM
අප්‍රියෙල් 20 දා 268, අද 1692, දිනකට සාමාන්‍යයෙන් 32 කට වැඩි ගණනක් රෝගීන් ගානක් වාර්තාවෙනවා. පොකුරු නැහැලු වලු පිටින් එනවලු.අපිනම් චන්දෙ දාන්න යන්න බයයි.
Reply : 0 0
HINTON ASOKA Friday, 05 June 2020 04:40 AM
ජුනි 20 චන්දෙ තියන්න හිතුවේ අනිල් ජාසිංහ ගෙන් අහලද ? බය කට්ටිය ඇමෙරකාවෙන් අහගෙන පස්සේ චන්දෙ දාන්න. ජාත්‍යන්තර ප්‍රජාවෙන් අහල කෙරුව නම්නෙ හොඳ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

