මහේෂ් සේනානායක විදුලි බුබුලෙන් එයි
එළැඹෙන ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්ව සිටින හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදුලි බුබුල ලකුණින් ජනපතිවරණයට තරග කිරීමට නියමිතය. ඔහු ජාතික ජනතා පක්ෂය යටතේ ජනපතිවරණයට ඉදිරිපත් වෙයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තමන් සමග කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් එක්වී ඇති බවත් ලබන සතිය වන විට ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
තමන් ආරම්භ කළ ගමන නොවැම්බර් 16 දායින් අවසන් නොකරන බවත් ඉදිරියේ එන සියලුම මැතිවරණ සඳහා තම කණ්ඩායම තරග කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
ගෝඨාභය Tuesday, 08 October 2019 06:01 PM
අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේ හා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහාය දැක්වීම. ගෝඨාභය විරෝදී චන්ද වල්මත් කිරීම සදහා 2005 දී මෙන් මෙවර සල්ලිදී ප්රභාකරන් මස්සින වන ශිවාජිලිංගම් පැමිණීමෙන් LTTE භීතිකාව හා දේශප්‍රේමය මැනවින් ප්‍රදර්ශනය වෙයි . දෙමල ඩයස්පෝරාව, LTTE හොල්මන්, දේශප්‍රේමය , මුස්ලිම් අන්ත වාදය , ෂරිය විශ්වවිද්‍යාලය වැඩ වර්ජන ආදී සියලු භීතිකාවන් බිල්ලන් මෙහෙයවන්නේ රග දක්වන්නේ එකම ස්ථානයකින් බව පසක් වේ , ප්‍රේමදාස දින්නොත් රනිල් හරහා ඇමෙරිකානු අතකොළුවක් වීමද, ගෝඨාභය දින්නොත් සෘජු වම ඇමෙරිකාවේ රූකඩයක් පබයෙක් වීමද සක්සුදක්සේ පැහැදිලිය
Reply : 0 0
රජින්ද Tuesday, 08 October 2019 06:02 PM
මෙයත් එක්ක කණ්ඩායම් 30ක් ඉන්නවානම් ජන්ද 30ක් ෂුවර් එතකොට ඉතුරු මිලියන 6ක ජන්ද ගන්නේ කොහොමද. මහත්මයා සිංහල ජන්ද කඩලා රටේ ජාතියේ ස්ථාවරය බිදින්න කලින් මේ රට පව් කියලා චුට්ටක්වත් හිතුනෙම නැද්ද.
Reply : 0 0
Samare Tuesday, 08 October 2019 09:36 PM
මෙයා දැක්කමත් මට මතක් වෙන්නේ විදුලි බුබුලක්ම තමයි.
Reply : 0 0
Champa Wednesday, 09 October 2019 04:34 AM
NGO කාරයෝ එක්ක එකතු වුනු එක ගැන කණගාටු වෙනවා. නමුත් ඔබට පෞද්ගලිකව ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. චන්දෙ තියන්න ලැබෙයි කියල මම හිතන්නේ නැහැ, මහේෂ්. කලබල ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්ද බොහෝ විට චන්දෙ කල් දාන්න ඉඩ තියෙනවා සහ අලුතින් නාම යෝජනා කැඳවන්න ඉඩ තියෙනවා ලබන අවුරුද්දට කල් ගිහාම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

