මහින්ද නොපැමිණි නිසා සංවිධායකයෝ කොහොඹ ගස් නගිති
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇඹිලිපිටිය හීන් දලුක්හින්න නාග විහාරස්ථානයේ සංවිධානය කර තිබූ බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරීමේ උත්සවයට පොරොන්දුවූ පරිදි නොපැමිණීම නිසා එහි සංවිධායකන් දෙදෙනෙක් ඊයේ (28දා) කොහොඹ ගසක නැග විරෝධය පෑමත් සමග ඇතිවූ නොසන්සුන්තාව නිසා උත්සවය කල් දමනු ලැබීය.
ආරාධනා මත පැමිණ සිටි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද පසුව හිස් අතින්ම ආපසු ගියේය. සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු තමන්ගේ මුදලින් ඉදිරි දිනයක උත්සවයක් පවත්වා මහින්ද රාජපක්ෂ මහතා ගෙන්වාදීමටද පොරොන්දු වූහ.
දඹදිවින් වැඩම කළ ශ්‍රී මහා බෝධි අංකුරයක් මහින්ද රාජපක්ෂ මහතා අතින්ද, අනුරාධපුර ශ්‍රී මහා බෝධි අංකුරයක් චමල් රාජපක්ෂ මහතා අතින්ද මෙහිදී රෝපණය කිරීමට නියමිතව තිබුණද ඒවාද අවලංගු කෙරිණි.
උත්සවය වෙලාවේ චමල් රාජපක්ෂ මහතා පමණක් පැමිණියේය. කොන්දේ අමාරුවක් නිසා මහින්ද රාජපක්ෂ මහතා නොඑන බව සැල කෙරිණි. මහින්ද රාජපක්ෂ මහතා නොඑන්නේ නම් බුද්ධ ප්‍රතිමාව නිරාවරණයත්, ශ්‍රී මහා බෝධි අංකුර රෝපණයත් විහාරාධිපති පිටිගල චන්දවිමල හිමියන් කළ යුතු යැයි නොසන්සුන්තාව මධ්‍ය‘යේ කොහොඹ ගසකට නැගි සංවිධායක මණ්ඩලයේ ඩබ්. අජිත් කුමාර සහ එස්.පී.චානක රොෂාන් මහත්වරු පැවසූහ.
මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණියේ කොන්දෙ අමාරුවක් නිසා නොව දේශපාලන කුමන්ත්‍රණයක් නිසා බව සංවිධායකයෝ හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ කොඩිතුවක්කු මහතාට චෝදනා කරන්නට වූහ. ඔහුට දුරකථනයෙන් කතා කරන්නට ගත් උත්සාහයද ව්‍යවර්ථ විය.
එවිටම සනී රෝහණ කොඩිතුවක්කු මහතා උත්සව භූමියට පැමිණි තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන් පැමිණියේ තමන්ටද ආරාධනා කළ නිසා බව ඒ මහතා පැවසීයය. අවසානයේදී උත්සවය අවලංගු කරන්නට සංවිධායකයෝ තීරණය කළහ.
අජිත්ලාල් ශාන්තඋදය/කොලොන්නේ - ජේ. නානායක්කාර



popular news
-
Hari Sunday, 29 July 2018 05:00 PM
ඇයි පුවක් ගස් නද කොහොඹ ගහට වඩා හොදයි
Reply : 0 0
Champa Sunday, 29 July 2018 05:07 PM
එල එල. ඊළඟ ආණ්ඩුව ගෝඨාභයගෙවත් බැසිල්ගේවත් ආණ්ඩුවක් නෙමෙයි. ඊළඟ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්. ඒකේ නියමුවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.
Reply : 2 1
rocky Monday, 30 July 2018 06:25 AM
ඔවු ඔවු චම්පෝ. උන්නැහේ අයෙත් ආවොත් අපට තව තවත් ගුවන් ත්ටුපොලවල්, වරායවල් හදා ගන්න පුළුවන් වේවි! අනේ මෙහෙම ගති කමක්!
Reply : 2 2
Champa Monday, 30 July 2018 06:19 PM
ගෝඨාභයයි බැසිලුයි නැති ආණ්ඩුවක් කියන්නේ දූෂණයයි භීෂණයයි මර්දනයයි ඥාති සංග්‍රහයයි නැති ආණ්ඩුවක්. මහින්ද හොරකම් කළා කියලා මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. කළා නම් කලේ කවුද කියන්න මුළු ලංකාවම දන්නවා. අන්තිමට ඔක්කොම ගියේ මහින්ද පිටින්. ගෝඨාභයයි බැසිලුයි නැතුව මිනිස්සු ඉස්සරහට එන්න මහින්දට කොන්ද පණ තිබ්බ දවසට ලංකාවටම අලුත් ආරම්භයක් අලුත් යුගයක් ගැන හිතන්න පුළුවන්. මහින්දට ඒක කරන්න කොන්ද පණ නොතිබුනොත් කොන්ද පණ තියෙන වෙන කෙනෙක් ඒක කරයි.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
