මහින්දට එරෙහිව විශ්වාසභංගය ගෙන්නෙත් ජනපතියි
එක්සත් ජාතික පක්ෂය හරහා නැවත වරක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය හරහා විශ්වාභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
" ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදන 5න් හතරක්ම නීති විරෝධීයි. පාර්ලිමේන්තුව වාර අවසන් කිරිමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල වුවත් එය ප්රජාතන්ත්රවාදී විරෝධියි. ව්‍යවස්ථාදායක සභාව විසින් ශ්රේෂ්ඨාධිරකරණයේ පුරප්ප්පාඩු වූ විනිසුරන් දෙදෙනා නම් කර ජනපතිට යොමුකළත් එම පත්කිරීම ජනපති විසින් තවම කළේ නෑ.
දෙන්නා අතර ප්‍රශ්ණය නිසා රටක් ආගාධයකට යන්න දෙන්න බෑ. ජනපතිතුමා කැබිනට් මණ්ඩලයේදී කියලා තිබුණා මම රටත් ගිනි තියලා යන්නේ කියලා. ඒ අනුව දැන් ඔහු රට ගිනි තියලා ඉවරයි. අද මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය හරහා විශ්වාසභංග යෝජනාව ගෙන එන්නෙත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
එක්සත් ජාතික පක්ෂයේ නායකන් සරත් ෆොන්සේකා මෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කළ යුතුයි. මහින්ද දැන්වත් මේක තේරුම් ගත යුතුයි. මුලින්ම ආප්පකාලා ද්‍රෝහි වුණා. දැන් අගමැතිකම කම දීලා ද්‍රෝහී වුණා. පොහොට්ටුව කුජීතම කරලා දැම්මා.මෙහෙම ඉස්සරට යන්න බෑ. මහින්දත් මෛත්‍රීත් දැන් වැරැද්ද භාර ගත යුතුයි. "

popular news
-
මුනසිංහ Wednesday, 05 December 2018 02:47 PM
88-89 කාලය පක්ෂය වෙනුවෙන් දිවි පුදපු අය ෙකා ෙහ් හරි ඉදන් ඔබලාට සාප කරනවා. එ් සාපය පුතිපලය ලෙස ඊළග මැතිවරණ ෙයන් කැ ෙල්ටම යවනවා. ස්තිර යි. තව ටික දවසකින් කියයි එ් කාලය කරපු ෙද් වැරදියි. වි ෙජ්විර පක්ෂය විනාස කලා කියල.
Reply : 1 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

