මහින්දගේ රාජ යොග්‍ය මැරෙනකම් තියෙනවා - වෙල්ගම
“අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත් . එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි .
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බදුල්ල නිව්ටුවරිස්ට් හෝටලයේදී ඊයේ පැවැති පොහොට්ටුවේ පාක්ෂික හමුවකදි මේ බව පැවසීය.
එහිදි වෙල්ගම මහතා මෙසේද කියා සිටියේය.
"හම්බන්තෝට වරාය ,චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කිව්වා නැහැ . මම මේක මේකට අත්සන් කරන්නේ නැහැ කියල .
ඒ ඇමතිවරයා ලංකාවට ලොකු ගෞරවයක් ලබාදීපු ලෝකපූජිත ක්‍රීඩකයෙක්. එයා මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැකියල කිව්වම එයා එම ඇමති කමින් ඉවත්කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් දාලා ඒ ගිවිසුම අත්සන් කළා . ඒවිතරක් නොවෙයි ඒ සදහා වූ චෙක්පත රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතුවෙලා මාධ්‍ය යෙන් පෙන්නුවා .
ඒ පෙන්නපු ඇමතිවරයාත් එක්ක වෙල්ගමට ගිහිල්ලා එකට වාඩිවෙන්න පුථවන්ද ? කියල මම තමුන්නාන්සේලාගෙන් අහනවා." යනුවෙන් ඔහු පැවසීය.
බදුල්ල - පාලිත ආරියවංශ සහ ඇල්ල ප්‍රසාද්

popular news
-
Don Tuesday, 04 December 2018 08:03 AM
දෙන්නගේම රාජයෝගය ඊයේ නීච උණා
Reply : 0 3
chandana Tuesday, 04 December 2018 08:04 AM
මහින්දට තියෙන්නේ රාජ යෝග නෙමේ චෞර යෝග හෙමදාම බලයට ආවේ හොරකාමින් එක මෙරෙන කම්ම තියෙනවා වෙල්ගම මහත්තයෝ හෙමදාම නෙකතට වේදකල මහින්ද අගමෙතිකමේ දිඋරුම් දුන්නේ එස් බී කියන අර ආදෝ මුක නෙකතින්ද හදපානේ ආවේ යන්නවෙන්නෙත් හදපානේ තමා
Reply : 1 7
Champa Tuesday, 04 December 2018 05:01 PM
ඒ කතාව වැරදියි. මහින්ද 2005 ඉඳන් ජනාධිපති වෙලා බලයට ආවේ මහජන චන්දෙන්. ජනාධිපති තමයි පිටි පස්සෙන් පිහියෙන් ඇනල, වංචාවෙන් බලයට ආවේ.රනිල්ටයි මෛත්‍රීටයි ජන බලය නැති වුනාට ලංකා ඉතිහාසයේ වෙන කිසි නායකයෙකුට නොතිබුණු තරම් මහින්දට ජන බලය තිබුණ.
Reply : 16 1
Deepal Nirosh Tuesday, 04 December 2018 01:44 PM
කවු ද අර ජ්යෝතිශඥය ද කියන්නෙ? හිටපු ජනාධිපතිතුමාටත් මැරෙනකම් ජනාධිපති කියල අවුරුදු දෙකලු ජීවත්වුණේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

