මහා සංඝරත්නයට අපහාසවන අයුරින් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයට හා සමෘද්ධි සහනාධාර ලබාදිමේ ක්‍රමවේදයේ අක්‍රමිකතා ඇති බව පවසමින් එයට විරෝධය පළකරමින් අක්මිමන ප්‍ර දේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (17) පැවති අක්මිමන ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියහ.
“රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා විසින් මහා සංඝරත්නයට අපහාසවන අයුරින් කළ ප්‍රකාශය හෙළා දකිමු”, “සමෘද්ධිය යු.එන්. පි කාරයින්ට විතරක්ද” ආදි විරෝධතා වැකි ලියු පුවරු රැගෙන මෙම මන්ත්‍රිවරු පිරිස සභා රැස්විමට පැමිණියහ. සංජිව සම්පත්, අසින්ත කෞශල්‍ය, චන්දන කොදාගොඩ, දර්ශන නිල් කුමාර යන මන්ත්‍රිවරු හා චන්ද්‍රිකා ඔබරැන්ද මන්ත්‍රිවරිය විරෝධතා වැකි ලියු පොස්ටර් සමඟ සභා රැස්විමට පැමිණියහ.
මෙහිදි මෙකි මන්ත්‍රිවරු හා විපක්ෂනායක ප්රිති ගාමිණි (එජාප) මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති විය. සමෘද්ධි සහනාධාර ලබාදිමේ දි විවිධ අක්‍රමිකතා සිදුවි ඇති බවත් ඉතා දිළිදු පවුල් සඳහා සමෘද්ධිය ලැබි නොමැති බවත් දේශපාලනයෙන් තොරව සාධාරණ වැඩපිළිවෙළක් යටතේ සමෘද්ධිය ලබාදිය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි දර්ශන නිල් කුමාර මහාතා විසින් යෝජනාවක් ද සභා රැස්විමට ඉදිරිපත් කළේය.
එජාපයේ දේශපාලන හෙන්චයියන්ට අවශ්‍ය අකාරයට සමෘද්ධිය ලබාදි ඇති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. එයට දැඩි විරෝධය පළ කළ විපක්ෂනායක ප්රිති ගාමිණි මන්ත්‍රිවරයා පසුගිය කාලයේ සමෘද්ධිය ලබා දුන්නේ සන්ධානයේ පාක්ෂිකයින්ට පමණක් බවත් අසාධාරණයට ලක්වු එජාප පාක්ෂිකයින්ට මෙවර සමෘද්ධිය ලබා දි ඇති බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
සභාපති සේන කළහෙවත්ත, උපසභාපති ඒ.කේ සුගත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන්වන අරුණ සිරිලාල්,සංජිව සම්පත්, එජාප මන්ත්‍රිවරුන්වන ප්‍රභාත් කහදුවආරච්චි ජ.වි.පේ මන්ත්‍රි සුගත් ආනන්ද යන මහත්වරුන්ද අදහස් දැක්වුහ.
ප්‍රදේශිය සභා රැස්විම සභාපති සේන කළහෙවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශිය සභා ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
ජිනේෂ් නානායක්කාර

