එල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ඉල්ලමින් ප්රභාකරන්ගේ ඡායාරූපය සහිතව දමිළ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා වතුකරයේ බෙදා හැරි තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ (27) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය.
බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාළ අත්පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බව පොලීසිය පැවසීය.
මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදාහැර ඇති බවත්, බෙදාහැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් භාරයට ගත් බවත් බගවන්තලාව පොලීසිය පැවසිය.
අදාළ අත්පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ හිමිකරුද සැකපිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු විස්සත් හතලියත් අතර වයස් ඛාණ්ඩ වල පසුවන අය බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.
