උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.
ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්විමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුනි.
උමා ඔය, මිනිපේ ඇළ, වයඹ ඇළ, ඉහළ ඇළහැර ඇතුළු වාරි ව්‍යාපෘතිවල මෙතෙක් ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා අදාළ අංශ වෙත අවධාරණය කළේ නියමිත කාලයට පෙර එම ව්‍යාපෘති නිම කරමින් කඩිනම් ප්රතිලාභ ජනතාවට සලසන ලෙසයි.
එමෙන්ම මහවැලියෙන් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ කි‍්‍රයාමාර්ග හා නව ව්‍යාපෘති කෙරෙහි ද මෙහි දී ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය දැව සංස්ථාව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍ය උපදේශක කාර්යාංශය ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන යටතේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරිණි.
කෂිනි හපුආරච්චි
