මහවැලි ගඟේ කලුගමුව ප්‍රදේශයේ තිබි ආයුධ රැසක් හමුවෙයි
පේරාදෙණිය පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (07) ගෙලිඔය කඵගමුව මහවැලි ගඟ තුළ කල විශේෂ මෙහෙයුමකදි ආයුධ රැසක් සොයා ගැනිමට හැකිවිය.
මහවැලි ගඟ තුළ කල සෝදිසි මෙහෙයුමේදි නැවත ගැනිමට පහසුවන පරිදි පොලිතින් කොළ වල ඔතා තිබු කඩු 5ක්,ලොකු වක් පිහි 2ක්, උල් පිහි 3ක්, දැකැති 1ක්, පොල් කැඩිමට භාවිතා කරන ඉතා මුවහත් පිහි 2ක් සොයා ගැනිමට හැකිවියෙ
මාවනැල්ල කැගල්ල බුදු පිළිම වලට හානි කර දැනට අත්අඩංගුවේ පසුවන ගෙලිඔය කලුගමුව පදිංචි සැකකරු නිවස බලා පැමිණි යතුරුපැදිය හා අවි ආයුධ ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔහු පදිංචි නිවස හා මහවැලි ගඟ සොදිසි කිරිමේදි මෙම ආයුධ හමුවිය
මේ සම්බන්ධව විමර්ශන සිදුකරනු ලබන බවත් මෙම මෙහෙයුම මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති ඹ්.ආර්.එල්, රණවීර, කොට්ඨාස භාර පොලිස් අධිකාරි එන්.එම්. සිසිර කුමාර, මහනුවර 1 පොලිස් අධිකාරි බැසිල් කාශ්‍යප, යන මහත්වරුන්ගේ අධික්ෂණය මත පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම් .කල්දේරා මහතාගේ උපදෙස් මත ගම්පල පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරින්, රංගල ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින් හා පේරාදෙණිය පොලිස් නිලධාරින් මෙම මෙහෙයුමට සහභාගි විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

