මහනුවර ඇසළ පෙරහර හේතුවෙන් මහනුවර සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 05දා සිට 15 දා දක්වා සියලු සුරාබදු බලපත්ර ලත් ස්ථාන වසා තැබෙනු ඇත.
මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශය, පේරාදෙණිය, කටුගස්තොට, අලදෙණිය, අඹතැන්න, මඩවල, මැණික්හින්න, දිගන සහ තලාතුඔය ප්රදේශවල සියලු සුරාබදු බලපත්ර ලත් ස්ථාන මේ අනුව වසා තැබේ.
