මහත්මාගාන්ධිතුමාගේ ජන්ම දින සංවත්සරය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහන්
මහත්මාගාන්ධි තුමාගේ 150 වෙනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් අද (20) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදි සිදු කෙරිණ.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, මානව වැවිලි භාරයේ සභාපති පුත්‍රසිගාමනි , මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන නිලධාරි මංජුනාත් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් එම වතුයායේදි මෙම රුක් රෝපණ වැඩසටහන සිදු කළේය.
මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ගාන්ධිපුරම් නව ගම්මානයේ පදිංචි වතු කම්කරුවන්ට ආර්ථික වශයෙන් වටිනාකමකින් යුත් පැළ විශාල ප්‍රමාණයක් ගෙවත්තේ රෝපණය කර ගැනිම සඳහා මෙහිදි බෙදා දෙන ලදි.
එම වතුයායේ මේ වනවිට ඉන්දියානු රජයේ සහ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ නිවාස 383 ඉදිකර වතු කම්කරු අයිතියට පත් කර ඇත.
හරිත නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදි කරන ලද මෙම නිවාස යෝජනා ක්රමයේ එක් නිවසක් වර්ග අඩි 550කින් සමන්විත වන අතර එක් නිවසක විසිත්ත කාමරයක් , නිදන කාමර දෙකක් , මුළුතැන්ගෙයක් , සනිපාරක්ෂක පද්ධතියින්ද සමන්විත අතර මෙම සැම නිවසකටම පානීය ජලය ,විදුලිය සහ මං මාවත්ද ලබා දි ඇත.
මෙම සැම නිවසක් සඳහාම රජය මගින් නිරවුල් ඔප්පු ද ලබා දිමට නියමිතය.

popular news
-
Champa Friday, 21 June 2019 05:34 AM
පින්තූරේ දැක්කම නම් හිතෙන්නේ යුධ හමුදාපතිතුමා පැළයක් හිටවන්න ඉන්දියාවට ගිහිල්ල වගේ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

