නො. 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.
රජයේ අකටයුතුකම් නිසා එදිනෙදා පීඩාවන්ට පත්වන්නන්ට මෙන්ම දේශපාලන පළිගැනීම් වලට ලක් වූවන්ගේ තොරතුරු මෙම කාර්යාලයට ලබා දිය හැක.
සෑම සතියේ දිනකම පෙරවරුවේ මෙම කාර්යාලයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු රැදී සිටින අතර ඔහුට තමන්ට සිදුවූ අසාධාරණයන් පිළිබඳව ලිඛිතව මෙන්ම වාචිකවද කරුණු ඉදිරිපත් කළ හැක.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද එක් වූහ.
