පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
පළාත් සංචරණ සීමා ඉවත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා එහා මෙහා ගමන් කිරීමට බවත් මෙය විනෝද ගමන් යාම හෝ වෙනත් ගමන් බිමන් සඳහා විවෘත කිරීමක් නොවන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කර සිටියි.