මසුන් ඇල්ලිමට යොදාගන්නා ඩෙටනේටර් සමඟ අයෙක් අත්අඩංගුවට
නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද ( 02) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිමකදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා ඩෙටනේටර් කිහිපයක් සොයා ගැනීමට සමත් විය.
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
එවැනි මෙහෙයුමක් නාවික හමුදාව, පොලිස් දුෂණ මර්දන ඒකකය හා එක්ව මන්නාරම ප්‍රදේශයේදී සිදුකල අතර, එහිදි මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර, එම පුද්ගලයා පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදි, ඔහු සතුව තිබී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා විදුලි නොවන ඩෙටනේටර් 08 ක් සහ ආරක්ෂිත වෙඩි නුලක් සොයා ගැනීමට සමත් වන ලදී. මෙම ඩෙටනේටර් සහ ආරක්ෂිත වෙඩි නුල් මසුන් ඇල්ලීම සඳහා සූදානම් කර තිබීයදී මෙලෙස සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 36ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඩෙටනේටර් සහ ආරක්ෂිත වෙඩි නුල ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
