මලික් හා හරීන් ඇමතිධුරවලින් අස්වී යළි පත්වෙති
අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදෙශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යධුරයෙන්ද , මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යධුරයෙන්ද පසුගිය 21 දා ඉල්ලා අස්වී තිබේ.
කෙසේ වෙතත් නැවතත් එදිනම හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් යළි පත් කර ඇත.
මෙම ඉල්ලා අස්වීම්වලට හා නැවත පත්කිරීම්වට අදාළ ගැසට් නිවේදන නිකුත් වී තිබේ. මලික් සමරවික්‍රම මහතා ඉල්ලා අස්වූ තාක්ෂණ පර්යේෂණ අමාත්‍යධුරයේ සුජීව සේනසිංහ මහතා අද වැඩ භාර ගත්තේය.


popular news
-
Champa Friday, 28 December 2018 02:23 PM
අර කොටි දෙන විජයකළාව අධ්‍යාපන රාජ්‍ය ඇමති ධූරයෙන් අස් කරන්න ඕනේ. රටේ අධ්‍යාපන රාජ්‍ය ඇමතිට සිංහලෙන් කතා කරන්න බැරි නම් ඒ තනතුර දීපු එක වැරදියි. සිංහල මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගන්න කොටි දෙන සිංහලෙන් කතා කරන්න ප්‍රතික්ෂේප කරපු එක සම්පූරණ වැරදියි. සිංහල විරෝධී කොටි දෙනක් නඩත්තු කරන්න මිනිස්සු බැඳිලා නැහැ. විජයකළාව වහාම තනතුරින් පහ කරන්න ඕනේ. කොන්ද පණ නැති ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි ඉන්න රටක කොටි දෙනකට තියෙන හයිය කොහොමද? සිංහල මාධ්‍ය විජයකලාගේ මාධ්‍ය සාකච්චා boycott කරන්න ඕනේ.
Reply : 551 1199
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

