මුලතිව්හි සිංහල ජනතාව පදිංචි කරන බව පවසමින් විරෝධයක්
මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28දා) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.
මෙහිදී මුලතිව් නගර මධ්‍යයේ සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධතා පාගමනකින් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණි අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාව දියත් කෙරිණි. අදාළ විරෝධතාවට සහය දක්වමින් මුලතිව් නගරයේ වෙළෙඳසැල්ද වසා දමා තිබුණි.
මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පවසති.
මෙම විරෝධතාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු දේශපාලඥයන් පිරිසක් මෙන්ම යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් විශාල පිරිසක්ද සහය දැක්වූහ.






popular news
-
Deepal Nirosh Tuesday, 28 August 2018 08:20 PM
එතකොට මේ ජාතික සංහිඳියාව දකුණට විතරද?
Reply : 0 26
Champa Tuesday, 28 August 2018 08:38 PM
එහෙම කොහොමද? මේ රටේ හැම පුරවැසිකටම සමාන අයිතිවාසිකම් තියෙනව රටේ ඕනේ තැනක පදිංචි වෙන්න. එහෙනම් කොලොඹීනුත් දෙමලු එලවන්න ඕනේ. දැන් උතුරේ මුහුදේ සිංහල ධීවරයන්ට යන්නත් බැහැ. යකෝ ලෝකේ කොහෙක්වත් නැහැනේ මේ විදියට රටේ සුළු ජාතිය විසින් රටේ මහ ජාතිය මර්දනය කරන? මහ ජාතියට මුහුදු යන්න බැහැ. රටේ උතුරු නැගෙනහිර පලාත්වල ජීවත් වෙන්න බැහැ. එහෙ රැකියාවල් කරන්න බැහැ. පාදඩ ආණ්ඩුව බහුතර සිංහල ජාතිය මර්දනය කරවනවා දෙමලු ලව්වා. ඒකයි මෙතන වෙන්නේ.
Reply : 0 54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

