මුලතිව්, සිලාවත්ත ආදර්ශ ගම්මාන ප්‍රදේශයේ පරණ යකඩ භාණ්ඩ එක් රැස් කරන ස්ථානයකදී මෝටාර් උණ්ඩයක් ගැලවීමට උත්සාහ කළ පුද්ගලයෙකු එය පුපුරා යාමෙන් බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලබා ඇත්තේ අදාළ ව්‍යාපාර ස්ථානයේ හිමිකරු වූ 42 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වෙයි.
වැඩිදුර විමර්ශනවලදී තුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4ක් සොයා ගෙන ඇත.
සිදුවීම සම්බන්ධයෙන් තුවාලකරුගේ මව වන 69 හැවිරිදි කාන්තාවක් හා 39 හැවිරිදි සහෝදරයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
ඔවුන් අද (9දා) දින මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.