මර්දනයට එරෙහිව ජන බලය කුරුණෑගලට
මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගලට යන නමින් ලබන සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී රැස්වීමක් පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
"අපි ලබන සතියේදී මර්දනයට එරෙහිව ජනබලය කුරුණෑගල නමින් දැවැන්ත රැස්වීමක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් ඉන්නවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කතා කිරීමටත් මෙම රැස්වීම අවස්ථාවක් වන අතර, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද එයට එක්වීමට නියමිතයි." යැයි මන්ත්‍රීවරයා අදට සඳහන් කළේය.

popular news
-
Ruwan Tuesday, 18 September 2018 01:27 PM
මෙය ඔබගේ ලැජ්ජාව වසා ගැනීමට කරන මෝඩයන්ව රැවටීමට කරන තවත් එක උත්සහයක් පමණි.
Reply : 0 0
Nandana Tuesday, 18 September 2018 01:30 PM
තවත් චන්ද රැස්වීමක් ,දැම්ම ඉඳලම පටන් ගන්න එක මරු
Reply : 0 0
dayan Tuesday, 18 September 2018 01:51 PM
අධිකරණයට විරුද්ධ මීටිමක්. මේ ගොල්ලෝ ලොයෙර් උනේ කොහොමද දන්නේ නැහැ.
Reply : 0 0
Champa Tuesday, 18 September 2018 10:10 PM
මං කැමතියි මේකට. ජොන්ස්ටන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම මොනව හරි කරන්න ඕනේ. වහල් ආණ්ඩුව දැන් අලුත් අලුත් විදි හදාගෙන දේශපාලන දඩයම කරනවා. ඒ හින්ද අනිවාර්යයෙන්ම නීතිය ආණ්ඩුවට ඕනේ විදිහට ඕනේ අතට හරවන එකට විරුද්ධව ජනරැලියක් තියන්න ඕනේ. අනිත් එක ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ජොන්ස්ටන් විතරයි කිව්වේ ඊළඟ ජනාධිපතිවරණෙට මහින්ද මහත්තය කවුරු ඉදිරිපත් කලත් ප්‍රශ්නයක් නැහැ. මහින්ද මහත්තය කියන දේට කැමති වෙනවා කියල. අනිත් හැමෝම කලේ තම තමන් කැමති රාජපක්ෂව තෝර ගෙන එහම නැත්නම් තමන්ගේ සුදුකම් ගැන කිය කිය හිටපු ජනාධිපතිතුමාට අනවශ්‍ය පීඩනයක් දීපු එක. තව සමහරු දෙපැත්තටම නැතුව හිටිය. තව සමහරු බාගෙට කිව්වා හෝ නැත්නම් කියපු දේට හාත්පසින්ම වෙනස් විදිහට හැසිරුණ. පැහැදිලිවම ඒකාබද්ධ විපක්ෂය දැන ගත යුතුදේ තමයි හිටපු ජනාධිපතිතුමාව පීඩනයට ලක් කරන්නේ නැතුව ඉන්න එක. ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් තියෙනවා. නැහැයි කියනවට වඩා හොඳයි තමන්ගේ සමගිය පෙන්වන එක. පෙන්වන්න ඕනේ සමගිය මිසක් එකිනෙකා අතරේ තියෙන තරඟය නෙමෙයි.
Reply : 0 0
rocky Wednesday, 19 September 2018 07:41 AM
එහෙදි කිරි පැකට් බොන්න එපා කියලා කට්ටියට කල් ඇතුවම කියන්න. අරය ඉන්න හින්ද කසිප්පු නම් සප්ප්ලයි එක එහෙන් දෙන්ඩ පුළුවනි, ඕන තරම්.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

