මරදාන - නුගේගොඩ කණු මතින් යන විදුලි දුම්රිය මාර්ගයක්
මේ වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06දා) පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් ක්‍රමය හඳුන්වාදීමේදී එය ආකාරය හතරකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඩිලන්ත මහතා පැවසීය.
මේ යටතේ කිව්.ආර්. කේත ක්‍රමය ඔස්සේ, ස්මාර්ට් කාර්ඩ් ඔස්සේ සහ ස්වයංක්‍රීය උපකරණ හරහා දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීමේ අවස්ථාව මගීන්ට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්, එම ක්‍රම සඳහා මගීන් හුරුවනතුරු සාමාන්‍ය ප්‍රවේශපත් ලබාදීමේ ක්රමවේදයද ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ ද්විත්ව මාර්ග කරණය යටතේ මරදානේ සිට නුගේගොඩ දක්වා කණු මත යන විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකරන අතර, එහි ඉදිකිරීම් මේ වසරේදී ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
දුම්රිය තදබදය අවමකර ගැනීම සඳහා මරදාන කොටුව අතර දුම්රිය මාර්ග ප්‍රමාණය 08ක් බවට පත්කරන බවත්, පොල්ගහවෙල - කුරුණැගල දුම්රිය මාර්ගය සඳහා විද්‍යුත් සංඥා ක්‍රමය හඳුන්වා දෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා,
"ඉලෙක්ට්‍රොනික් ටිකට් ක්‍රමය මේ වසරේදී හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ආකාර හතරක් ක්‍රියාත්ම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. කිව්.ආර්. කෝඩ් (QR කේතක්රමය) මගින් ටිකට් ලබාගැනීමට, ස්මාර්ට් කාඩ් ක්‍රමය හඳුන්වා දෙන්න, ටිකට් ලබාගත හැකි මැෂින් සවි කරන්න වගේම දැන් පවතින ටිකට් ක්‍රමයත් යම් කාලයක් යනතුරු පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
තදබදය අවම කරගන්න මරදාන - කොටුව අතර මාර්ග 08ක් සකස් කරනවා. ඒ වගේම දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ කටයුතු මේ වසර ඇතුළත සිදුකරනවා" යනුවෙන් පැවසීය.

popular news
-
Kumar Wednesday, 07 August 2019 09:34 PM
කැලණිවැලි දුම්රිය මාර්ගය බිම දිගේ ගියොත් හොඳ මදිද. බොරුවට මුදල් නාස්තිකරන ක්‍රමයක් කොහොමහරි හොයනවා. උදේ තදබදයෙන් පසු කින් කීදෙනාද දුම්රියෙන් යන්නෙ. ඒ විතරක් නොවෙ එක වැඩ වර්ජනයෙන් ඔක්කොම කොට උඩ. ඊට වැඩිය හොදයි. ආදී වේග මාර්ගයක් හැදුවොත්. දැනට තිබෙන තත්ත්වය් අනුවනම් විදුලිබල ඇනහිටීම් නිසා මග රතියදු වෙන්නයි සිදුවෙන්නෙ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

