මරණ දඬුවම් ක්‍රියාත්මක කළ හැකි 14ක්
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව මරණ දඬුවම ලැබ බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයන් 14 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමටහැකිබවටනීතිපති නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇතැයිවාර්තාවේ.
මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන මහතා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම තොරතුරු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. එම තොරතුරු අමාත්‍යාංශය මගින් නීතිපතිවරයාට යොමුකර ඇති අතර, මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති නිර්දේශය අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ. එම නිර්දේශ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේදී ජනාධිපති සිරිසේන මහතාවෙත භාරදී ඇතැයිද සඳහන්වේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණදඬුවම හිමිව බන්ධනාගාරගත වූ පුද්ගලයන් 48 දෙනෙකු සිටින බවත්, එයින් 30 දෙනෙකු මේවනවිට අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපති කාර්යාලයට දැනුම්දී තිබිණි.
ඉතිරි 18 දෙනා අතුරින් 03 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට කිසිදු බාධාවක් නැතැයිනීතිපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේපසුගිය ඔක්තෝබර් මාසයේදීය.
ඉතිරි පුද්ගලයන් 15 දෙනා පිළිබඳ නීතිපති මතය පසුගිය ජනවාරි මාසයේදී ජානාධිපතිකාර්යාලයට යොමුකර ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුව අමතමින් ඒබව සඳහන් කළේය.මෙම පුද්ගලයන් 15 දෙනා අතුරින් 11 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට බාධාවක් නොමැති බවට නීතිපතිවරයා දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
ඒ අනුව කිසිදු බාධාවකින් තොරව මරණ දඬුවම ලබාදිය හැකි පුද්ගලයන් 14 දෙනා අතර පාකිස්තානු ජාතිකයන් 04 දෙනෙකු සහ ශ්‍රීලාංකික කාන්තාවක් සිටින බවද කියැවේ.
මෙම පුද්ගලයන් 14දෙනාම වැලිකඩ බන්ධනාගාරයේ රුඳවියන් වන අතර, අනිකුත් පුද්ගලයන් බෝගම්බර හා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල රැඳවියන් බවද සඳහන්වේ.
මෙම පුද්ගලයන් 18 දෙනා අතරින් ඉතිරි 04 දෙනාට එරෙහිව කොටුව, මීගමුව, නුගේගොඩ මහාධිකරණවල වෙනත් නඩු කටයුතු විභාගවෙමින් පවතින බවද නීතිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇති බව වාර්තාවේ.
කිසිදු බාධාවකින් තොරව මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයන් 14 දෙනෙකු සිටියද ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා මෙතෙක් නීතිපතිවරයාට හෝ අධිකරණ අමාත්‍යාංශයට දැනුම්දී නොමැති බවද වැඩිදුරටත් සඳහන් වේ.

popular news
-
dhamneth Friday, 15 February 2019 01:21 PM
ඔන්න දැන් ජනාධිපතිතුමාට හොඳම අවස්ථාව තමන් කියන දේ කරන බව පෙන්නන්නත් රටට මහත් විනාසයක් කරන මත්කුඩු ජාවාරම්කාරයින් වැනසිමටත්.නාමල් කුමාරත් කැමැත්තෙන් ඉන්නවා අලුඝෝසු තනතුර බාරගන්න.
Reply : 0 4
leel gunawardena Saturday, 16 February 2019 12:35 AM
බුදුන් වහන්සේගේ ධර්මය අනුව කිසිමකෙනේකුන් හට අනික් අයෙක් හට මරණය ලබා දීම මා අනුමත කරන්නේ නැහැ , එහෙම උනොත් මරණ මංචකයේදී ජනාදි පති පසු තැවිලි වෙනවා අනු මානයි . මනුස්ස ඝාතන බුද්ධ ධර්මයට කවදාවත් ඇතුල් වන්නේ නැහැ නීතිය ක්‍රියාත්මක කලයුතුයි නමුත් තවකෙනෙක් ගේ ජිවිතයක් නැතිකිරීම බුදුදහමේ සධහන් වෙලා නැහැ ජනාදි පති ගැන මොනවා කියන්නද ? ලීල්
Reply : 0 0
Bandula. Saturday, 16 February 2019 08:51 AM
අපේ රට තුල සිද්දවෙන මේ අපරාදයන් වැලක්වීමට නම් මේ මරණ දඩුවම ක්‍රියාත්මක කලුතුමා වෙනවා, එක අපේ රටේ ජනතාවට කරන සේවයක්, ජනපති තුමනි මෙය තවත් බාලගිරියක් නොවේවා කියා ප්‍රර්ථනා කරනවා අප සැම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

