මරණ දඬුවමට එජාප අපි විරුද්ධයි - හැරිසන්
කුඩු ජාවාරමටවත්, කුඩු බොන එකටවත් මරණ දඬුවම විසඳුම කියලා කවුරු හරි හිතනවා නම් මම හිතන්නේ නෑ ඒක විසඳුමක් කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මතයත් පෞද්ගලිකවම මමත් මරණ දඬුවමට විරුද්ධ යැයි කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුරයේදී මාධ්‍යවේ
එ.ජා.ප පක්ෂය තාම අපේ ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නෑ. අපේ පක්ෂය එකතු වෙලා කථා කරලා, එක්සත් ජාතික පක්ෂයට උදවු කරන සෙසු පක්ෂ එකතු වෙලා සාකච්ජා කරලා කෘත්‍යාධීකාරි මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ කණ්ඩායම තමයි තීන්දු කරන්නේ, මොන තීන්දුව කළත් තාම ජනාධිපතිතුමාගේ කාලය ඉවර වෙලා නෑ. එතුමාගේ නියමිත කාලය තව මාස කීපයක් තියෙනවා. ඒ මාස කීපයට පෙර මැතිවරණයට ගියොත් තමයි ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්න වෙන්නේ.
එතුමාගේ කාල සීමාව ඉවර වෙනකල් ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීන්දු කරන්න බෑ. කීප දෙනෙක්ගේ පුද්ගලික අදහස් තියෙනවා. පක්ෂය තීන්දු කරලා තමයි අපි කියන්නේ ජනාධිපතිතුමා මැතිවරණයට ගැසට් කළාට පස්සේ අපේ අපේක්ෂකයා කවුද කියන එක. මගේ පුද්ගලික මතයක් කියන්න බෑ. පක්ෂයක් හැටියට තීන්දු කරන්න ඕන. පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම, අපි ඔක්කොම සාකච්ජා කරලා තීන්දුව දෙන්නම්.
මේ රටේ ඔලුවක් තියෙන බුද්ධියක් තියෙන අය හිටියා නම් පැහැදිලිව දන්නවා පොහොට්ටුවේ කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්තයා දැම්මොත් , අගමැති අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා එනවා. තව රාජපක්ෂලා 10 -15 ක් කැබිනට් මණ්ඩලයට එනවා. එතකොට නැවත ආයෙත් මේක යන්නේ ඒකාධිපති ස්වරූපයකට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කිරීමේදී කුමාර වෙල්ගම මහතා පැහැදිලිවම මේ කථාව කියලා තියෙනවා. දයාසිරි ජයසේකර මහතාත් මේ කථාව කියනවා. එහෙම වුණාම ආයෙත් ඒකාධිපතීත්වයකට යන එක තමයි ප්රශ්නය තියෙන්නේ කියලා ඒ අය කියන්නේ ඒ පැත්තෙවත් තාම ප්‍රජාත්‍රන්තවාදී රාමුවක් ගොඩනැගෙන්න නෑ. ඒ නිසා මේ රටේ බහුතරයක් ජනතාව කුමාර වෙල්ගම මහතාගේ මතයේ ඉන්නවා. ඒ නිසා තමයි අනෙක් අයගේ හඬ ඉදිරියට ආවේ නැතත්, කුමාර වෙල්ගම මහතාගේ හඬ ඉදිරියට ඇවිත් තියෙන්නේ.
එප්පාවල - තිසර සමල්

popular news
-
Champa Monday, 01 July 2019 06:38 PM
කුඩු ලංකාවට ගෙනාවේ යූඑන්පී ආණ්ඩුව. ඉසිස්සෙල්ලම ලංකාවේ කුඩු කාරයෝ දෙන්නෙක් හව්වුනේ 1982. මත්පැන් මත්ද්‍රව්‍ය වලින් අධික ආදායම් උපයන්න මිනිස්සුන්ට පාර හදල දුන්නේ යූඑන්පී එකේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය. දැන් රනිලුයි යූඑන්පී එකයි මැරිලා ඉපදිලා වගේ කතා කරාට රටේ මිනිස්සුන්ට ඉතිහාසය අමතක වෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

